09th April 2026 09:17:46 Hours
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ භට පිරිස් විසින් 2026 අප්‍රේල් මස 07 වන දින 'මීමැසි පාලනය' පිළිබඳ සොල්දාදුවන් දැනුවත් කිරීම සඳහා වැඩමුළුවක් සංවිධානය කරන ලදී.
යුද්ධෝපකරණ මාස්ටර් ජෙනරාල් සහ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ඒඑම්සී අබේකෝන් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ උපදෙස් හා මාර්ගෝපදේශ අනුගමනය කරමින් බිඟු සම්පත් ආරක්ෂණ සංවිධානයේ ලේකම් ඩී.ආර්.යූ. තිස්ස තඹවිට මහතා සහ වෘත්තීමය මී මැසි පාලක නුවන් කීර්ති මහතා විසින් මීමැසි පාලනය පිළිබඳ දැනුවත් කිරීමේ සැසි පවත්වන ලදී.
රෙජිමේන්තුවට අයත් සියලුම බලඇණි සහ රෙජිමේන්තු මධ්‍යස්ථානය නියෝජනය කරමින් ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සෙසු නිලයින් 35 කට වැඩි පිරිසක් මෙම වැඩමුළුවට සහභාගී වූ අතර න්‍යායාත්මක දේශන මෙන්ම ප්‍රායෝගික ක්‍රියාකාරකම් රැසක් මෙම වැඩමුළුවට සමගාමීව සිදු කරන ලදී.
රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් පීඑම්එස් කරුණාරත්න ජ්‍යෙෂ්ඨ නිලධාරි ඇතුළු අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් සමීපව අධීක්ෂණය කර වැඩමුළුව සඳහා අවශ්‍ය සහාය ලබා දෙන ලදී.