Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

08th February 2019 12:53:29 Hours

ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහානාම සහ චමින්ද වාස් සිය අත්දැකීම් සිංහ විරුවන් සමග බෙදා ගනී

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සිංහ ණැනස ව්‍යාපෘතියේ සිව්වන දිගහැරුම ලෙස යහපත්, විනයගරුක හා ආකල්පයෙන් උසස් සෙබළ පිරිසක් බිහිකිරිමේ අරමුණින් ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහානාම හා චමින්ද වාස් යන හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් දෙපලගේ සහභාගිත්වයෙන් 2019 පෙබරවාරි මස 07 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථානය අඹේපුස්ස හීදී වැඩමුළුවක් පැවැත්විණි.

ප්‍රශ්ණ විචාරාත්මක සැසියක් ලෙස පැවති මෙම වැඩසටහන ඒ සදහා සහාභාගී වි සිටි 1500 ආසන්න නිළධාරි හා සෙසුනිළයන්ගේ නොමද පැසසුමට ලක්විය. පැය 04 කට ආසන්න කාලයක් පුරාවට පැවති මෙම සැසිය ආවසානයේ ක්‍රිඩකයින් දෙදෙනා ඇගයීමක් හා මතක සටහනක් ලෙස රෙජිමේන්තු මධ්‍යස්ථාන ප්‍රධාන මාණ්ඩලික නිළධාරි 1 ලුතිතන් කර්නල් ඩිකේසිඑල් පෙරේරා ආර්ඩබ්පි ආර්එස්පිගේ සුරතින් සමරු ඵලක ප්‍රධානයක්ද සිදු කරන ලදී.