Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

20th March 2018 19:40:23 Hours

නව විවාහපත් යුවල් සිංහ පවුල වෙත සාදරයෙන් පිළිගනී

රෙජිමේන්තු අධිපති තුමාගේ පූර්ණ අධීක්ෂණය හා මගපෙන්වීම යටතේ 2017 වර්ෂය තුල විවාහ දිවියට ඇතුලත් වූ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ නිලධාරීන් දසදෙනෙකු හා ඔවුගේ බිරින්දැවරුන් සිංහ රෙජිමේන්තුව වෙත ඉතාමත් උත්කර්ෂවත් ලෙස පිළිගැනීමට 2018.02.23 දින රෙජිමේන්තු මධ්‍යස්ථානය අඹේපුස්සහිදී උත්සවයක් පවත්වන ලදී.

නිලධාරී නිවස්න අභිමුවදී නව යුවල් උණුසුම් ලෙස පිළිගනු ලැබුවේ රෙජිමේන්තු අධිපතිතුමන්, මේජර් ජෙනරාල් පියල් වික්‍රමරත්න ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් හා සිංහ සේවාවනිතා සභාපතිණී රුවිණී සුජීවා වික්‍රමරත්න මැතිණිය විසිනි. නව යුවල් රෙජිමේන්තු අධිපතිතුමන් සමගින් ඡායාරූපයන්ට පෙනීසිටී මෙන් අනතුරුව පිළිගැනීමේ දේශණය මධ්‍යස්ථාන සේනාවිධායක තුමන් විසින් පවත්වන ලද අතර, පැමිණ සිටි ආරාධිතයිගේ සිත් ඇද බැඳ ගැනීමට සමත් රංගනයක් ඉදිරිපත් කරනු ලැබුවේ යුද්ධ හමුදා නර්ථනකණ්ඩායම විසිනි.

සිංහ රෙජිමේන්තු අධිපතිතුමන් උපදේශණාත්මක හරබර දේශණයක් කල අතර පැමිණසිටි සැවොම සිනා සයුරේ ගිල්වමින් රසාස්වාදයක් ලබාදෙනු ලැබු‍යේ නව යුවල් වෙනුවෙන්ම සුදානම් කර තිබූ තරඟ ඉසව් නිසාවෙනි.

අනතුරුව එළඹි හෝරාව වෙන්වූයේ පැමිණ සිටි සියළුදෙනාටම තම නර්ථන හැකියාවන් විදහා පැමටයි. ඉන් අනතුරුව ආරාධිතයින් සාම්ප්‍රදායික පෙරගමන් වාදන ශිල්පීන්පෙරටුකොටගෙන රාත්‍රී භෝජන සංග්‍රහය සඳහා සම්ප්‍රාප්ත විය. එය නව විවාහපත් නිලධාරී භාර්යාවන්ට නවමු අත්දැකීමක් වූ අතර, රාත්‍රී භෝජනයෙන් පසු සිංහ සේවාවනිතා සභාපතිණිය අතින් සියළු නව යුවල් සඳහා සමරු තිළිණයක් ලෙස රෙජිමේන්තු අධිපතිතුමා හා එම මැතිණිය සමග සිට ලබාගත් ඡායාරූපයක් ත්‍යාග කෙරිණි. ඒ සමගින් මෙම උත්කර්ෂවත් උත්සවයේ නිමාව සනිටුහන් විය.