Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

09th July 2019 22:20:56 Hours

නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් එම්කේඩි පෙරේරා ආර්ඩබ්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පි එන්ඩියු විසින් ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සංචාරයක නිරත වේ.

මේජර් ජෙනරාල් එම්කේඩි පෙරේරා ආර්ඩබ්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පි එන්ඩියු නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී රාජකාරී භාරගැනීමෙන් පසු අඟහරුවාදා (09) දින රෙජිමේන්තු මධ්‍යස්ථානයට පැමිණි අතර නව පත්වීම් ලැබූ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මධ්‍යස්ථාන සේනාවිධායකතුමන් විසින් මහත් හරසරින් පිළිගනු ලැබූ අතර පසුව කදවුරු සම්මාන මුරයක් හා වර්ණවත් සම්මාන පෙළපාලියක් ලබා දෙන ලදී. අනතුරුව රණවිරු ස්මාරකය වෙත පැමිණි ඔවුන් මියගිය රණවිරුවන් සිහි කරමින් පුෂ්පෝපහාර දක්වන ලදී.

ඉන්පසු පැළයක් සිටුවීම සහ ඩී මුරහල විවෘත කිරීම සිදු කරන ලද අතර ලෙස රාජකාරි භාර ගැනීමෙන් පසු රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත පැමිණිම සනිටුහන් කරමින් පැමිණ සිටි ජ්‍යෙෂඨ නිළධාරින් සමුහ ඡයාරූපයකට පෙනි සිටින ලදි.