Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

03rd July 2020 16:34:47 Hours

දේශීය ඖෂධීය පැළෑටි සිටුවීමට සිංහ රෙජිමේනතුව පියවර ගනී

වටිනා ඖෂධීය පැළෑටි ආරක්ෂා කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කරනලද මෙම ව්‍යාපෘතිය තුලින් 'ඇහැල', 'කොහොඹ', 'බෙලි', 'මී' 'කුඹුක්', 'නෙල්ලි', 'කලුවර', 'සඳුන්', 'මා දමි' වැනි දේශීය ඖෂධීය ශාක වර්ග 450 කට අධික ප්‍රමාණයක් 2020 ජූලි මස 01 වන බදාදා දින අඹේපුස්ස පිහිටි ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී ආරම්භ කරන ලදී.

මෙම ව්‍යාපෘතිය ආරම්භ කරනු ලැබුවේ පිලියන්දල පිහිටි සුවසෙත හෙළ ඔසු ආයුර්වේද රෝහලේ සභාපති ප්‍රවීණ ආයුර්වේද වෛද්‍ය සම්පත් ඉන්දික මහතා, සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශයේ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ කොමසාරිස් කේ.ඩී.සී.එස්. කුමාරතුංග මහතා, ජිනසේන සමූහයේ හිමිකරු වන වෛද්‍ය තිස්ස ජිනසේන මහතා, ඇතුළු පිරිස විසින් ශාකසාර විශේෂ ආරක්ෂා කිරීම සහ වර්ධනය වීමට හා සිටුවීමට අන් අයව උත්තේජනය කිරීම සඳහා ආදර්ශයක් සැපයීම සඳහා මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන ලදි.

පරිසර හිතකාමී ව්‍යාපෘතිය ආරම්භ කරමින් දවසේ ප්‍රධාන ආරාධිත අමුත්තාගේ ආයුර්වේද වෛද්‍ය සම්පත් ඉන්දික මහතා විසින් සංකේතාත්මකව සඳුන් පැළෑටියක් සංකේතාත්මකව ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සේවා වනිතා ඒකකයේ සභාපති ඉන්දු සෙනෙවිරත්න මහත්මිය සහ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් දම්මික දිසානායක වෙත පිලිගැන්වීමෙන් අනතුරුව ඔවුහු රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ආයුර්වේද පැළ සිටුවීමට එක් වූහ.

සරල සමාරම්භක උත්සවය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු සේනාවිධයක මෙන්ම ආරක්ෂක සේනා මුලස්ථානය බටහිර මේජර් ජෙනරාල් ජයන්ත සෙනෙවිරත්න ගේ මඟ පෙන්වීම මත පැවැත්විණි.

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සේවා වනිතා ඒකකයේ සභාපති ඉන්දු සෙනෙවිරත්න මහත්මිය, මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් දම්මික දිසානායක, සිංහ සේවා වනිතා ඒකකයේ ලේකම් රෝහිණි දිසානායක මහත්මිය, ජේ්‍යෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ අනෙකුත් නිලයන් මෙම වැඩසටහනට සහභාගී වූහ.