Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

14th July 2025 21:52:05 Hours

කපිතන් සාලිය අලදෙණිය PWV ගුණ සැමරුම් උත්සවය කොකාවිල් හිදී

එල්ටීටීඊ ත්‍රස්තවාදයට එරෙහිව පැවති මානුෂීය මෙහෙයුම අතරතුරදී 1990 ජූලි මස 11 දින කොකාවිල් කඳවුරේදී දිවිපිදූ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ කපිතන් සාලිය අලදෙණිය PWV ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයන්ගේ ගුණ සැමරුම් උත්සවය 2025 ජූලි මස 11 දින කොකාවිල් රණවිරු ස්මාරකය අසළදී පැවැත්විණි.

කපිතන් සාලිය අලදෙණිය PWV වීරෝදාර සෙන්පතියෙකු ලෙස යුදබිම තුළ තම අවසන් හුස්ම පොද හෙළන තෙක් තම භටපිරිස් මෙහෙයවමින් ඔවුන් සමඟ සතුරාට කිසිඳු බියකින් තොරව මුහුණදීම හේතුවෙන් ශ්‍රී ලංකා ඉතිහාසය තුළ බ්‍රිතාන්‍ය රාජකීය හමුදාවේ පිරිනැමෙන ඉහළම ගෞරවය වන British Victoria Cross සම්මානයට සමාන ශ්‍රී ලංකාවේ ඉහළම හමුදා ගෞරවය වන ‘පරම වීර විභූෂණ’ (PWV) සම්මානයෙන් පිදුම් ලැබූ ප්‍රථම පුද්ගලයා බවට පත්විය.

පූර්ණ හමුදා ගෞරවාචාර මධ්‍යයේ පැවති මෙම උත්සවයේදී දිවංගත වීරෝදාර රණවිරුවන් අනුස්මරණය කරමින් ඔවුන් වෙනුවෙන් පුෂ්පෝපහාර පිරිනැමිණි. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 59 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩී.ආර්.එන් හෙට්ටිආරච්චි RWP RSP USP සහභාගි වූ අතර 51 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එම්.පි.එන්.ඒ මුතුමාල USP psc, 54 පාබල සේනාංකයේ සේනාංකාධිපති ඒ.එම්.සි අබේකෝන් RWP RSP USP ndc, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයන් සහ දිවංගත රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන් ද දිවංගත රණවිරුවන් වෙත සිය ගෞරවාචාර පුදකිරීම සඳහා සහභාගි වූහ.