Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

25th November 2025 11:21:45 Hours

උසස්වීම් ලද මේජර් ජෙනරල් පියල් වික්‍රමසිංහ ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ගෞරවාචාරය

රෙජිමේන්තු මූලස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරල් පීඑන් වික්‍රමසිංහ ජ්‍යෙෂ්ඨ නිලධාරි ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකරනු ලැබූහ. අනතුරුව, සම්මාන පෙළපාලියේ ගෞරවාචාරය පුදකිරීම සඳහා මධ්‍යස්ථාන සේනාවිධායකතුමන් විසින් එතුමන් සරඹ භූමිය වෙත කැටුව ගියේය. මෙම අවස්ථාව සනිටුහන් කරමින් මේජර් ජෙනරල් පීඑන් වික්‍රමසිංහ ජ්‍යෙෂ්ඨ නිලධාරි කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළේය.

උසස්වීම් ලද ජ්‍යෙෂ්ඨ නිලධාරි මවුබිම වෙනුවෙන් දිවිපිදූ රෙජිමේන්තුවේ වීරෝදාර රණවිරුවන් සිහිපත් කරමින් රණවිරු ස්මාරකය අභියසදී පුෂ්පෝපහාර පුදකළේය.

රෙජිමේන්තු මූලස්ථානයේ පැවති සියලු නිල තේ පැන් සංග්‍රහයකට සහභාගී වූ එතුමන් සියලු නිලයන් සමඟ සුහඳ පිළිසඳරක නිරතවිය.

නියොජ්‍ය ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර සහ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ජේ කේ ආර් ජයකොඩි ආර්ඩබ්ලිව්පී යූඑස්පී විසින් උසස්වීම් ලද මේජර් ජෙනරල් පීඑන් වික්‍රමසිංහ ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත විශේෂ සමරු තිළිණයක් ද ප්‍රධානය කළේය