Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

10th January 2020 18:42:09 Hours

අනාගත නායකත්වය සදහා දරුවන් සවිබළ ගැන්වීමේ නේවාසික වැඩමුළුවක් පැවැත්වීම

සිංහ සේවාවනිතා ශාඛාවේ ගරු සභාපතිණි ප්‍රියමාලි මුදන්නායක මැතිණියගේ ප්‍රධානත්වයෙන් සිංහ රෙජිමේන්තුවට අයත් නිළධාරී/සෙසු නිළයින්ගේ දුවාදරුවන් 49 දෙනකු සදහා 2019.12.28 වන දින සිට 2019.12.30 වන දින දක්වා අනාගත නායකත්වය සදහා දරුවන් සවිබළ ගැන්වීමේ නේවාසික වැඩමුළුවක් පහත සදහන් මාතෘකා ආවරණය වන පරිදි ප්‍රවීණ ම‍නෝවිදයා උපදේශක චන්දන ගුණවර්ධන මහතා විසින් සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී සිදුකරන ලදී.

  • ජීවිත කළමනාකරණ කුසලතා හදුනා ගැනීම
  • නායකත්ව හා කණ්ඩායම් කුසලතා
  • සබදතා කළමනාකරණ කුසලතා
  • මහජනතාව ඇමතීමේ සහ සන්නිවේදන කුසලතා
  • දරුවන් විශිෂ්ටයින් කරන ජීවිත කළමනාකරණ කුසලතා
  • ජීවිත වටිනාකම් ඉහල නැංවීම තුළන් නායකත්ව චරිතයක් නිර්මාණය

එම වැඩසටහනෙහි සමාප්ති උළෙල 2019.12.30 වන දින සිදුකරන ලද අතර එම අවස්ථාව සදහා සිංහ රෙජිමේන්තු සේවාවනිතා ශාඛාවේ ගරු සභාපතිණි ප්‍රියමාලි මුදන්නායක මැතිණිය, සිංහ සේවාවනිතා ශාඛාවේ ගරු ලේඛම් පද්මිණි පල්ලාවෙල මහක්මිය ඇතුළු රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නිළධාරීන් රැසක් සහභාගී වූ අතර අදාල වැඩසටහන සදහා සහභාගීවූ දුවා දරුවන් සදහා සහිතික පත් ප්‍රධානය කිරීමද සිදුකරන ලදී.