Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

03rd September 2019 11:57:08 Hours

අනාගත නායකත්වය සදහා දරුවන් සවිබල ගැන්වීමේ පුහුණු වැඩසටහනක්

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් එම්කේඩි පෙරේරා ආර්ඩබ්පී ආර්එස්පී වීඑස්වි යුඑස්පී එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ අධීක්ෂණය යටතේ සහ සිංහ සේවාවනිතා ශාඛාවේ ගරු සභාපතිනි ශිරෝමි මාසකෝරාල මැතිණියගේ මගපෙන්වීම අනුව අනාගත නායකත්වය සදහා දරුවන් සවිබල ගැන්වීමේ පුහුණු වැඩසටහනක් පුද්ගල විභවතා සංවර්ධන හා මනෝවිද්‍යා පුහුණු උපදේශක චන්දන ගුණවර්ධන මහතාගේ මෙහයවීමෙන් 2019 අගෝස්තු මස 27 වන දින සිට 2019 අගෝස්තු මස 31 වන දින දක්වා සිංහ සේවාවනිතා ශාඛාව මගින් සංවිධානය කරන ලදී.

මෙම පුහුණූ වැඩසටහන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ නිලධාරී හා සෙසුනිලයන්ගේ දරුවන් හැත්තෑ දෙනෙකුගේ සහභාගිත්වයෙන් ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානය තුල පැවැත්වූ අතර එහි සමාරම්භක උළෙල සදහා සිංහ සේවාවනිතා ශාඛාවේ ගරු සභාපතිනි ශිරෝමි මාසකෝරාල මැතිණිය සහභාගී විය. තවද එම පුහුණු වැඩසටහනෙහි සමාප්ති උළෙල සදහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මෙන්ම ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා ජ්‍යෙෂ්ඨ නිලධාරී, සිංහ සේවාවනිතා ශාඛාවේ ගරු සභාපතිණි ශිරෝමි මාසකෝරාල මැතිණිය, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, කණිෂ්ඨ නිලධාරීන් හා දෙමාපියන් සහභාගී විය.