ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිතුමිය වන රමණි දෙමටන්පිටිය මැතිණියගේ මගපෙන්වීම ඔස්සේ මුල්ලේරියාව රෝහලේ ප්‍රතිකාර ගනු ලබන කාන්තාවන් 40 දෙනෙකුගේ සුභසිද්ධිය උදෙසා පසුගිය ජනවාරි මස 25 වන සෙනසුරාදා දින විශේෂ වැඩසටහනක් පැවැත්වුණි. එහිදි සේවාවනිතා ශාඛාවේ උප සභාපතිණිය වශයෙන් කටයුතු කරන තුෂාරි දිසානායක මැතිණියගේ ද මඟ පෙන්වීම යටතේ ඔවුන් උදෙසා තේ පැන් සංග්‍රහයක් දිවා ආහාරය මෙන්ම ඔවුන්ගේ අවශ්‍යතාවයන්ට සරිලන පරිදි සැකසූ ත්‍යාග පාර්සලයක්ද ලබා දීමට කටයුතු කරන ලදී . විශේෂයෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදා තූර්ය වාදක හා රංගකලා අම වෙතින් ත්‍රිපුද්ගල සංගීත කණ්ඩායමේ සහභාගීත්වය ඔස්සේ ඔවුන්ගේ විනෝදාස්වාදය සඳහා ගායන,නර්තන අංගයන්ගෙන් ද සපිරි වැඩසටහනක් මෙයට සමගාමිව සංවිධානය කරන්නට යෙදිණි.