Header Sinhala

ශ්‍රී ලංකා ඉංජිනේරු බළකාය

මව්බිම ගෞරවය සේවය

07th September 2022 17:37:07 Hours

මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලද ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත ඉංජිනේරු බලකායේ ගෞරවාචාරය

උසස්වීම් ලද ඉංජිනේරු බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරි මේජර් ජෙනරල් ශෙවාන්ත් කුලතුංග වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් පසුගිය බදාදා (07) දින පනාගොඩ ඉංජිනේරු බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් ඉංජිනේරු බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත සපැමිණි උසස්වීම් ලද මේජර් ජෙනරල් ශෙවාන්ත් කුලතුංග වෙත එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකරනු ලැබූහ. ඉන් අනතුරුව, එතුමන් රට වෙනුවෙන් දිවිපිදු ඉංජිනේරු බලකායේ විරෝදාර රණවිරුවන් සිහිපත් කරමින් රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රයේ පිහිටි රණවිරු ස්මාරකය අභියසදී එම රණවිරුවන් වෙත පුෂ්පෝපහාර පුද කළේය.

පසුව, එම රෙජිමේන්තු භටපිරිස් විසින් උසස්වීම් ලද ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය ද පුදකළහ.

මෙම උත්සව අවස්ථාව සඳහා ඉංජිනේරු බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් ඇතුළු සෙසුනිලයන් පිරිසක් එක්වූහ.