Header Sinhala

ශ්‍රී ලංකා ඉංජිනේරු බළකාය

මව්බිම ගෞරවය සේවය

14th September 2022 10:09:36 Hours

ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ කර්නල් සේනාවිධායක විසින් 11 වන ක්ෂේත්‍ර ඉංජිනේරු රෙජිමේන්තුවේ නව පුස්තකාලය විවෘත කරන ලදී.

11 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුවේ "දැනුම් සයුර" පුස්තකාල ගොඩනැගිල්ල අණදෙන නිළධාරී ලුතිනන් කර්නල් කේ කේ පී පුස්සේවල ආර්එස්පි නිළධාරී තුමාගේ ආරාධානව මත ඉංජිනේරු බළකා සේනාවිධායක, ආරක්‍ෂක සේනා මූලස්ථාන (යාපනය) ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් එම් ජි සී එස් බී විජයසුන්දර ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිළධාරී තුමාගේ ප්‍රධානත්වයෙන් 2022 සැප්තැම්බර් මස 10 වන දින විවෘත කරන ලදී. මෙම ඒකකයේ අනෙකුත් නිළධාරින් සහ සෙසුනිලයින්ද සහභාගි වන ලදි.

නිළධාරි සහ සෙසුනිලයින් අතර මනා දැනුමක් සහ කියවීමේ පුරුද්ද වැඩි දියුණු කර ගැනිම අරමුණු කර ගෙන “දැනුම් සයුර” නව පුස්තකාල ගොඩනැගිල්ල එක්වාරයකට 20 දෙනෙකුට වඩා වැඩි පිරිසකට කියවීමේ පහසුකම් මෙන්ම, අන්තර්ජාල පහසුකම් හා පුවත්පත් කියවීමේ පහසුකම් ද සපයයි.