Header Sinhala

ශ්‍රී ලංකා ඉංජිනේරු බළකාය

මව්බිම ගෞරවය සේවය

25th February 2022 17:39:41 Hours

හරිත කෘෂිකර්මන්තය සදහා 10 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුව ශ්‍රිලංඉ හි දායකත්වය

අතිගරු ජනාධිපති තුමන්ගේ සංකල්පයක් මත ශ්‍රි ලංකාව තුල කඩිනමින් ප්‍රචලිත කරනු ලබන හරිත කෘෂිකර්මාන්තය ඉදිරි අනාගතය වෙනුවෙන් ගෙන ඇති සුවිශේෂි වැඩපිළිවෙලක් වන බැවින් යුද්ධ හමුදා කදවුරු ආශ්‍රිතව ආදර්ශමත් වන අයුරින් හරිත කෘෂිකර්මාන්තය නගා සිටුවිම වෙනුවෙන් ක්‍රම වේදයක් පවත්වාගෙනයාමට කටයුතු කරන ලෙස යුද්ධ හමුදාධිපති තුමන් විසින් උපදෙස් ලබාදි ඇත. ඒ අනුව මෙම ඒකකයෙහි අණදෙන නිලධාරිගේ උපදෙස් හා මගපෙන්විම යටතේ කෘෂිඅම වෙතින් ලබාදි ඇති උපදෙස් වලට යටත්ව ඒකකය ස්ථානගත මයිලඩි යුද්ධ හමුදා කදවුරු භූමිය තුල කාබනික පොහොර භාවිතයෙන් වගාකටයුතු ආරම්භ කර ඇති අතර කාබනික පොහොර නිෂ්පාදනය කිරිම වෙනුවෙන් වන මුලික වැඩකටයුතු ආරම්භකර ඒ සදහා 2022.02.06 දින ආසේමු (යා) ගොවිපල භාර නිලධාරිගේ උපදෙස් හා මගපෙන්විම යටතේ කොම්පෝස්ට් පොහොර සකස් කිරිම සබැදිව පුර්ණ දැනුමක් ඒකකයෙහි නිලධාරි සහ සෙසුනිළයන්හට ලබාදි ඒකකය තුල වගාකටයුතු සිදු කිරිමට ප්‍රමුඛත්වයක් ලබාදි ඇත.

හරිත කෘෂිකර්මාන්තය ඉතා සාර්ථකව කරගෙන යාම සදහා කාබනික පොහොර භාවිතය ඉතා වැදගත් කරුණකි. එබැවින් කොම්පෝස්ට් පොහොර සකස් කිරිම සබැදිව ලබාදි ඇති දැනුම උපයෝගි කර ගනිමින් මෙම ඒකකය තුල 25x4 ප්‍රමාණයෙහි කොම්පෝස්ට් අතුරන 05 ක් සාර්ථක ලෙස සකස්කර ඇති අතර ඉදිරියේදි ඒකකය තුල සිදුකරනු ලබන වගා කටයුතු සදහා එම කොම්පෝස්ට් පොහොර භාවිතා කිරිමට සැලසුම් කර ඇත.