Header Sinhala

ශ්‍රී ලංකා ඉංජිනේරු බළකාය

මව්බිම ගෞරවය සේවය

22nd December 2020 19:29:01 Hours

සේවා වනිතා ශාඛාවේ නව සභාපතිතුමිය සිය රාජකාරි කටයුතු අරඹයි

ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා සේවා වනිතා ශාඛාවේ 12 වන සභාපතිතුමිය ලෙස රම්‍යා දීපිකා පීරිස් මහත්මිය 2020 දෙසැම්බර් මස 21 දින මහා සංඝරත්නය විසින් සිදුකරන ලද ‘සෙත් පිරිත්’ සජ්ඣයනා මධ්‍යයේ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ පිහිටි සිය කාර්යාලයේදී සංකේතාත්මක නිල ලේඛණයකට අත්සන් තබමින් සිය රාජකාරි කටයුතු ආරම්භ කරන ලදි.

ඉන් අනතුරුව බළකායේ සෙබලුන්ගේ සුභසාධනය ඉහල නැංවීමෙහිලා උපදෙස් හා නව සැලසුම් පිලිබදව නව සභාපතිනිය, ශාඛාවේ සාමාජිකාවන් සමග සාකච්ඡා කරන ලදී.

ඉංජිනේරු බළකා කර්නල් සේනාවිධායක හා අතිරේක අධ්‍යක්ෂක ආරක්ෂක අමාත්‍යංශය හා ත්‍රිවිධ හමුදා මූලස්ථාන ඉදිකිරීම් ව්‍යාපෘතිය කළමණාකරන ඒකකය - මේජර් ජෙනරල් කුමාර පීරිස්, මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් මංගල මායාදුන්න, සේවාවනිතා ශාඛාවේ සාමාජිකාවන් හා රෙමේන්තු මධ්‍යස්ථාන මාණ්ඩලික නිළධාරීන් එම අවස්ථාව සඳහා සහභාගී විය.