Header Sinhala

ශ්‍රී ලංකා ඉංජිනේරු බළකාය

මව්බිම ගෞරවය සේවය

25th February 2022 18:25:03 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ප්‍රධාන ක්‍ෂේත්‍ර ඉංජිනේරුගේ පොදු කාර්යය ඉංජිනේරු බලසේනා මූලස්ථාන සංචාරය

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ප්‍රධාන ක්‍ෂේත්‍ර ඉංජිනේරු මේජර් ජෙනරාල් ඩබ්ලිව් එම් ජී සී එස් බී විජයසුන්දර ආර්එස්පී යූඑස්පී එන්ඩීයු 2022 පෙබරවාරි 16 වැනි දින ඇඹිලිපිටිය, කච්චිගල ප්‍රදේශයේ ස්ථානගත පොදු කාර්යය ඉංජිනේරු බලසේනා මූලස්ථානයෙහි නිරික්‍ෂණ සංචාරයක් සිදු කරන ලදී.

ප්‍රධාන ක්‍ෂේත්‍ර ඉංජිනේරුවරයාගේ පොදු කාර්යය ඉංජිනේරු බලසේනා මූලස්ථාන සංචාරය බලසේනා මූලස්ථානයේ සියලුම නිලධාරීන්ට සහ සෙසු නිලයින් හට සුවිශේෂී අවස්ථාවක් විය. පොදු කාර්යය ඉංජිනේරු බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් පී පී ඒ පෙරේරා පීඑස්සී එච්ඩීඑම්සී විසින් කඳවුරු පරිශ්‍රයේදී ප්‍රධාන ක්‍ෂේත්‍ර ඉංජිනේරුවරයා උණුසුම් ලෙස පිළිගනු ලැබූ අතර, පොදු කාර්යය ඉංජිනේරු බලසේනාව විසින් දැනට සිදුකරනු ලබන කාර්යයන් සහ ව්‍යාපෘති පිළිබඳ තොරතුරු පිලිබදව හැඳින්වීමක් සිදු කරන ලදි.

මෙම සංචාරයේදි ශ්‍රී ලංකා යුද්ධ හමුදා ප්‍රධාන ක්‍ෂේත්‍ර ඉංජිනේරු මේජර් ජෙනරාල් ඩබ්ලිව් එම් ජී සී එස් බී විජයසුන්දර ආර්එස්පී යූඑස්පී එන්ඩීයු විසින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කරන ලද අතර එහිදී ඔහු පොදු කාර්යය ඉංජිනේරු බලසේනාවේ සහ බලසේනාව යටතේ පාලනය වන ඒකකයන්හි නිලධාරීන් සහ සෙසු නිලයින් අමතන ලදි. කොවිඩ් - 19 රෝගය පාලනය කිරීමට අදාල සෞඛ්‍යාරක්‍ෂිත මාර්ගෝපදේශයට අනුකූලව මෙම දේශනය පවත්වන ලදී.

ඇඹිලිපිටිය, කච්චිගලදී පැවති මෙම අවස්ථාව සඳහා පොදු කාර්යය ඉංජිනේරු බලසේනා කර්නල් ව්‍යාපෘති, 1 කාඉරෙ ශ්‍රීලංඉ, 5 කාඉරෙ ශ්‍රීලංඉ, 12 කාඉරෙ ශ්‍රීලංඉ සහ 12 (ස්වේ) ඉසේරෙ ඒකකයන්හි අණදෙන නිලධාරීන් සහ බලසේනා මූලස්ථානයේ අනෙකුත් නිලධාරීන් සෙසුනිලයින් සහභාගී විය.