Header Sinhala

ශ්‍රී ලංකා ඉංජිනේරු බළකාය

මව්බිම ගෞරවය සේවය

17th January 2021 13:01:56 Hours

මේජර් ජෙනරාල් එච් ආර් කේ පී පීරිස් වීඑස්වී යූඑස්පී එන්ඩීයු විසින් ක්‍ෂේත්‍ර ඉංජිනේරු බළසේනා මූලස්ථානය සහ 8 කාරක ඉංජිනේරු රෙජිමේන්තුව වෙත ඉංජිනේරු බළකා කර්නල් සේනාවිධායක තුමාගේ නිල සංචාරය

ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ 18 වන කර්නල් සේනාවිධායක සහ ත්‍රිවිධ හමුදා මූලස්ථාන ඉදිකිරීම් ව්‍යාපෘතියේ අතිරේක අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් එච්ආර්කේපී පීරිස් වීඑස්වී යූඑස්පී එන්ඩියු, 2021 ජනවාරි 15 වන දින ක්‍ෂේත්‍ර ඉංජිනේරු බලකායේ පරිශ්‍රයට නිළ සංචාරයක් සිදු කළේය. මෙම සංචාරය ඔහු විශ්‍රාම යාමට පෙර සිදුකරන අවසාන නිල සංචාරය ලෙස සනිටුහන් විය.

වැඩ බලන ක්ෂේත්‍ර ඉංජිනේරු බළසේනාධිපති ලෙස යාන්ත්‍රික ඉංජිනේරු බළසේනාධිපති බ්‍රිගේඩියර් එම් කේ ජයවර්ධන ආර්එස්පී යූඑස්පී එන්ඩියු සහ 8 කාරක ඉංජිනේරු රෙජිමේන්තුවේ අණදෙන නිළධාරි ලුතිතන් කර්නල් පීජීපීඒ විජේරත්න ආර්ඒස්පී යුඑස්පී ශ්‍රිලංඉ විසින් කර්නල් සේනාවිධායක තුමාව සාදරයෙන් පිළිගන්නා ලදී. ක්‍ෂේත්‍ර ඉංජිනේරු බළසේනා කර්නල් (ව්‍යාපෘති) සහ අණදෙන නිලධාරී 8 කාරක ඉංජිනේරු රෙජිමේන්තුව විසන් සංචාරය අතරතුර කඳවුරේ පවත්නා තත්වය සහ මෙහෙයුම් පිළිබඳව විධිමත් විස්තරයක් පවත්වන ලදී. මෙම සංචාරයේදී කර්නල් සේනාවිධායක විසින් ක්‍ෂේත්‍ර ඉංජිනේරු බලසේනාවට සහ 8 කාරක ඉංජිනේරු රෙජිමේන්තුවට අයත් භට පිරිස් ඇමතූ අතර අනාගත ප්‍රයත්නයන් සඳහා සුබ පැතුම් එක් කළ අතර ඉංජිනේරු බළකායේ සංචාරය සනිටුහන් කිරීම සඳහා පැළයක් රෝපණය කළේය. තවද, ඔහු ක්ෂේත්‍ර ඉංජිනේරු බළකායේ සුනඛ අංශය, කේ 9 කොටස නැරඹු අතර මියගිය සුනඛයන් වෙනුවෙන් පුෂ්පෝපහාර දක්වන ලදී. දවසේ සවස් වරුවේ කර්නල් සේනාවිධායක හට ක්‍ෂේත්‍ර ඉංජිනේරු බළසේනා සහ 8 කාරක ඉංජිනේරු රෙජිමේන්තුවේ නිලධාරීන්ගේ විසින් රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්විණි.

ක්‍ෂේත්‍ර ඉංජිනේරු බළසේනාවේ කර්නල් (ව්‍යාපෘති), අනෙකුත් නිලධාරීන් සහ සෙසු නිලයන් සහ 8 කාරක ඉංජිනේරු රෙජිමේන්තුවේ නිලධාරීන් සහ සෙසු නිලයන් මෙම අවස්ථාවට සමගාමීව සහභාගී විය.