Header Sinhala

ශ්‍රී ලංකා ඉංජිනේරු බළකාය

මව්බිම ගෞරවය සේවය

23rd February 2022 09:44:52 Hours

කාබනික පොහොර නිෂ්පාදනය ක්‍රියාවලිය 8 කාරක ඉංජිනේරු රෙජිමේන්තුව

ශ්‍රී ලංකා රජයේ ප්‍රතිපත්තිමය තිරණයක් අනුව වස විසින් තොර පෝෂදායි සෞඛ්‍ය සම්පන්න ආහාරමය රටාවකට හුරු කිරිමේ අරමුණින් කාබනික කෘෂිකාර්මික වගාවන් සදහා ගොවින් පෙළඹවීමේ අරමුණින් ශ්‍රී ලංකා රජය විසින් ආරම්භ කරන ලද දීපව්‍යාප්ත කාබනික පොහොර නිපදවීමේ වැඩසටහන් මේ වන විටත් සාර්ථක අයුරින් රට පුරා ක්‍රියාත්මක වනු ලැබේ. යුද්ධයෙන් පසුව රටේ සංවර්ධනයට මහගු දායකත්වයක් සපයන ලද ශ්‍රී ලංකා යුද්ධ හමුදාව මේ වන විටත් එහි ප්‍රමුඛත්වය ගෙන ක්‍රියා කරනු ලබයි.

ඒ අනුව කාබනික පොහොර නිෂ්පාදනය ක්‍රියාවලිය 8 කාරක ඉංජිනේරු රෙජිමේන්තුවෙහි අණදෙන නිළධාරි මේජර් ඒ එල් අයි ඩබ්ලිව් කේ ඇතුගල ආර්එස්පි යුඑස්පි පිඑස්සී ශ්‍රීලංඉ ජ්‍යෙෂඨ නිළධාරිතුමාගේ මුලිකත්වයෙන් මේ වන විටත් ඉතාමත් සාර්ථක අයුරින් කදවුර තුල කාබනික පොහොර නිෂ්පාදන ක්‍රියාවලිය සිදුකරමින් පවති. පරිසරය අවටින් සොයාගනු ලබන ශාක, ජලජ ශාක, ගොම, දිරා යන ඉවතලන අපද්‍රව්‍ය, කොහුබත් ගොඩ ගසා එකට එකතු කර දිර්ඝ කාලීන ක්‍ෂ්ද්‍රජීවී ක්‍රියාකාරීත්වය මගින් ස්භාවික ලෙස දිරාපත්ව යෑමෙන් නිෂ්පාදනය කරනු ලබන මෙම කාබනික පොහොර ඉතා සාර්ථක අයුරින් ඒකකය තුල අඹ, තිබ්බටු, මඤ්ඤෝක්කා, මිරිස් යන වගාවන්ට යොදනු ලබයි. එපමණක් නොව මෙලෙස නිපදවන ලද කොම්පොස්ට් පොහොර සීමාසහිත ලක් පොහොර සාමාගම සමග සම්බන්ධතාවයෙන් නිසි තත්ව පරික්‍ෂණයෙන් පසු වෙළදපොළට විකිණිම මගින් ඒකකයට මුල්‍යමය වශයෙන්ද ස්ථාවරත්වයක් ගොඩනගා ගැනීමට මහගු පිටුවහලක් වී ඇත.