Header Sinhala

ශ්‍රී ලංකා ඉංජිනේරු බළකාය

මව්බිම ගෞරවය සේවය

25th February 2022 17:33:22 Hours

10 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුව තුල කොනොනින් වෙනුවෙන් දින දෙකක නායකත්ව වැඩමුළුවක් පැවැත්විම

ඉංජිනේරු බලකා කර්නල් සේනාවිධායක තුමන්ගේ සංකල්පයකට අනුව ඒකක අණදෙන නිලධාරිගේ පුර්ණ අධික්‍ෂණය යටතේ ඒකකය තුල පැවැත්වෙනු ලබන කෝප්‍රල් සිට සැරයන් දක්වා නිළ උසස් කිරිමේ පාඨමාලාව හදාරනු ලබන කොනොනින් 34 ක් සදහා 2022 පෙබරවාරි මස 08 සහ 09 දිනයන් තුල නායකත්ව වැඩමුළුක් පවත්වන ලදි.

එහිදි අදාල වැඩමුළුව තුල නායකත්වය හැදින්විම, නායකත්ව ගුණාංග, නායකත්ව මුලධර්ම, නායකත්වය මෙහෙයවිමේ ක්‍රම, නායකත්වය සබැදි ඔබගේ කාර්යභාරය, විනය සහ නායකත්ව ප්‍රගමන ප්‍රවර්ධනය කිරිමේ ක්‍රියාකාරකම් සහ භාහිර ක්‍රියාකාරකම් පුහුණුව ලත් උපදේශක නිලධාරි මඩුල්ලක් විසින් පවත්වන ලදි.

අදාල වැඩමුළුව ඉතාමත් සාර්ථක අයුරින් පැවැත්වු අතර, වැඩමුළුව අවසන් වන දින සුහද ක්‍රිකට් තරගයක්, එදින රාත්‍රියේදි ඒකක එළිමහන් සිනමාශාලාව තුල නායකත්ව විෂයට අදාල චිත්‍රපටයක් ප්‍රදර්ශණය කල අතර, මෙම සියළුම කාර්යයන් නිරෝධායන නීති රිතින්ට යටත්ව පැවැත්විමට කටයුතු කරන ලදි.