Header Sinhala

ශ්‍රී ලංකා ඉංජිනේරු බළකාය

මව්බිම ගෞරවය සේවය

7 වන ශ්‍රී ලංකා ඉංජිනේරු බළකාය

MAJ JC MAPATUNA RSP
SLE - 7 sle
COMMANDING OFFICER 7 SLE


ඉතිහාසය

7 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුව 1993 නොවැමිබර් මස 10 වන දින පනාගොඩ යුධ හමුදා ජනපදයේදී බිහිවිය. එහි පළමු අණදෙන නිළධාරි ලෙස ලුතිතන් කර්නල් එචිඒඑන්ටී පෙරේරා සීඊඑන්ජී (1) ඒඑමිඅයිඊ යූඑස්පී ශ්‍රීලංඉ රාජකාරි කල අතර, පසුව ඒකකය කන්කසන්තුරෙයි නඩේෂ්වරන් පාසලේ ස්ථානගත විය. 1994 මාර්තු මස 04 වන දින කන්කසන්තුරෙයි සිට එවකට 1 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුව ස්ථානගත වී සිටි ඉඩෙයිකාඩු ආරක්ෂක වලල්ලෙහි ස්ථානගත විය.

රිවිරැස මෙහෙයුම අතරතුරෙදී 7 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුව 51 වන සේනාංක මූලස්ථානයට අනුයුක්තව අචිචුවේලි ඉදිරි ආරක්ෂක වලල්ලෙහි ස්ථානගත විය. ඉන් අනතුරුව මානිප්පායි හා වඩුක්කෝඩෙයි යන ප්‍ර‍දේශයේ 513 බළසේනා මූලස්ථානයට අනුයුක්තව පාබල රාජකාරි ඉටු කලහ. 1998 මැයි මස වන විට ඒකකය 54 වන සේනාංක මූලස්ථානයට අනුයුක්තව පරන්තන් හා කිළිනොචිචි යන ප්‍ර‍දේශයන්හි ආරක්ෂාව තර කරමින් කටයුතු කල අතර, 1998 සැප්තැමිබර් මාසයේදී එල්ටීටීඊ සංවිධානය සමග ඇති වූ දරුණු සටන් වලින් අනතුරුව ඒකකයේ විශාල පිරිසක් තුවාල ලැබ, ඒකකයේ සමිපත් බොහෝමයක් විනාශයට පත් විය. ඉන්පසු ඒකකය 1999 ජනවාරි මස වන විට අලිමංකඩ ප්‍ර‍දේශයේ ස්ථානගත විය.

1999 සැප්තැමිබර් මාසයේදී අලිමංකඩ වෙත එල්ල වූ දරුණු ප්‍රහාර හේතුවෙන් අනෙකුත් යුධ හමුදා ඒකක සමග උපක්‍රමිකව පසුබැසීමට සිදුවුනමුත් ජවයෙන් හා අධිෂ්ඨානයෙන් යුතුව සාර්ථක ලෙස නැවත සංවිධානය වූ ඒකකය කුවේනි හංදිය ප්‍ර‍දේශයේ ස්ථානගත විය. 2002 ජුනි මස 04 වන දින නගර්කෝවිල් ප්‍ර‍දේශයේ ස්ථානගතව සිටි 7 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුව පාබල රාජකාරි වලින් බැහැරකර ක්ෂේත්‍ර ඉංජිනේරු ඒකකයක් බවට පත් විය. 2003 ජුලි 12 වන දින මින්නේරිය බටුඔය ප්‍ර‍දේශයේ ස්ථාපිත වූ ඒකකය අද වන විට ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) වෙත අවශ්‍ය ඉංජිනේරු සහය ලබා දෙමින් ස්ථාපිතව ඇත.

සංවිධාන ව්‍යුහය

කුරිරු ත්‍රස්ත්‍රවාදයට එරෙහිව සටන් වැදුනු 7 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුව මානුෂිය මෙහෙයුම ඇතුලු නොයෙකුත් යුධ මෙහෙයුම් ගණනාවකට තම සක්‍රීය දායකත්වය ලබා දෙමින් උතුරු හා නැගෙනහිර පළාත් වල තම ඒකකයේ සෙබළුන්ගේ ජීවිත හා ශරීර අවයව තම රට වෙනුවෙන් කැප කරමින් ක්‍රියා කල අභිමානවත් ඒකකයකි. යුධ පෙරමුණේ පමණක් නොව පශ්වාත් යුධ සමයේදීද රටේ සංවර්ධනයට හා දියුණුවට මහගු දායකත්වයක් ලබා දෙමින් විශේෂයෙන් නැගෙනහිර පළාත තුල සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් සිදුකර ඇත.

  ත්‍රිකුණාමළය වටරවුමි පාර
  කල්ලාර් - මාවිල්ආරු පාර
  කායන්කේනි පාලම
  පනිචිචන් කේනි පාලම
  ලංකාපටුන පාලම
  සේරුවිල - සෝමාවතිය පාර
  සිරිසර පිවිසුම ජාතික සංවර්ධන ව්‍යාපෘතිය යටතේ කන්තලේ සහ ත්‍රිකුණාමලය ප්‍ර‍දේශයේ වැවි 12 ක් ප්‍රතිසංස්කරණය කිරිම නිම කර ඇත.
  ආසේමු නැගෙනහිර බලප්‍ර‍දේශය තුල බිමිවෙඩි කෙත් 32 ක් නිසැක කර සිවිල් ජනතාවගේ ප්‍රයෝජනය සදහා භාරදී ඇත.

වත්මන් කාර්යයන්

7 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුව අද වන විට ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) වෙත ක්ෂේත්‍ර ඉංජිනේරු සහ යාන්ත්‍රික ඉංජිනේරු සහය ලබා දෙන අතර, මානුෂිය බිමිවෙඩි ඉවත් කිරිමේ කාර්යයන් සාර්ථකව සිදුකරමින් පවති. ඊට අමතරව ජාතික සංවර්ධනයට උර දෙමින් සංවර්ධන ව්‍යාපෘති ගණනාවකට තම දායකත්වය ලබා දෙමින් සිටී.

  සිරිසර පිවිසුම ජාතික සංවර්ධනය ව්‍යාපෘතිය යටතේ කන්තලේ සහ ත්‍රිකුණාමලය ‍ප්‍ර‍දේශයේ වැවි 500 කට අධික ප්‍රමාණයක් ප්‍රතිසංස්කරණය කිරිමට හා ඉදිකිරිමට නියමිතව ඇත.
  සිරිසර පිවිසුම ජාතික සංවර්ධන ව්‍යාපෘතිය යටතේ කන්තලේ ප්‍ර‍දේශයේ මාර්ග සංවර්ධන කටයුතු සිදුකරමින් පවතී.
20 හංදිය වාන් ඇල මාර්ගය
පේරමඩුව මාර්ගය
සාලියපුර මාර්ගය
  සිරිසර පිවිසුම ජාතික සංවර්ධනය ව්‍යාපෘතිය යටතේ කන්තලේ ප්‍ර‍දේශයේ අලි වැට ඉදිකිරිමේ කාර්යයන් සිදුකරමින් පවතී.
  පිබිදෙමු පොළොන්නරුව ජාතික සංවර්ධන ව්‍යාපෘතිය යටතේ පොළොන්නරුව ප්‍ර‍දේශය තුල වැවි ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකරමින් පවතී.
  තඹලගමුව හා උණුවතුර බුබුළ ප්‍ර‍දේශයන් තුල මාබිඉකි රාජකාරින් සිදු කරමින් පවතී.

පත්වීම්ලාභීන්

දෙවන අණදෙන නිළධාරි මෙිජර් එචිපීයු දසනායක ශ්‍රිලංඉ
විධායක අධිකාරි කපිතන් එචිටීඑමි තිලකසිරි ශ්‍රීලංඉ
බුදිධි නිළධාරි කපිතන් කේබීආර්ටී කුමාර ශ්‍රීලංඉ
උපකරණ පාලන  කපිතන් (උපා) ඒ ගාමිණී යුඑස්පී ශ්‍රීලංඉ
රෙජිමෙින්තු සැරයන් මෙිජර් බලලත් නිළධාරි 1 කේපීඑන් ප්‍රියන්ත යූඑස්පී
ක්ෂේත්‍ර ඉංජිනේරු වැඩ මුලික මාණ්ඩලික සැරයන් ආරියසේන කේපී
යන්ත්‍ර ක්‍රියාකරු වැඩ මූලික මාණ්ඩලික සැරයන් කරුණාරත්න කේඑමිඡීපී යූඑස්පී
උපකරණ පාලක බලලත් නිළධාරි බලලත් නිළධාරි 11 සෙනවිරත්න ඩබිලිවිපීඡීඑ්බී

බළඝණ නිළධාරි අණදෙන වරුන්

70 මූලස්ථාන බළඝණය මෙීඡර් කේඑමිසීඑස් බණ්ඩාර ශ්‍රිලංඉ
71 කාරක බළඝණය මෙීඡර් පීකේසීඩීකේ ඡයසිංහ ශ්‍රිලංඉ
72 කාරක බළඝණය මෙීඡර් යූඒ චන්ද්‍රසිරි ශ්‍රිලංඉ
73 කාරක බළඝණය කපිතන් ඩීඑමිකේඑස් දිසානායක ශ්‍රීලංඉ
74 කාරක බළඝණය කපිතන් එමිඑස්එමි සෙනෙවිරත්න ශ්‍රිලංඉ

හිටපු අණදෙන නිලධාරීවරුන්


ලුතිතන් කර්නල් එචිඒඑන්ටී පෙරේරා සීඊඑන්ජී (1) ඒඑමිඅයිඊ යූඑස්පී ශ්‍රීලංඉ
(1993.11.10 සිට 1995.06.20 දක්වා)
 
ලුතිතන් කර්නල් ඒඑමිඒ චන්ද්‍රසිරි ආර්එස්පී යූඑස්පී ශ්‍රීලංඉ
(1995.06.20 සිට 1997.03.03 දක්වා)

ලුතිතන් කර්නල් ජේ පතිරත්න ආර්එස්පී පීඑස්සී ශ්‍රීලංඉ
(1997.03.03 සිට 1998.03.23)
 
ලුතිතන් කර්නල් එචිසීපී ගුණතිලක ආර්එස්පී පීඑස්සී ශ්‍රිලංඉ
(1998.03.23 සිට 1999.06.08 දක්වා)

ලුතිතන් කර්නල් එචිඒඑන් හපුආරචිචි ආර්එස්පී පීඑස්සී ශ්‍රීලංඉ
(1999.06.06 සිට 2001.01.25)
 
ලුතිතන් කර්නල් ඩීඑස් වීරමන් පීඑස්සී ශ්‍රීලංඉ
2001.01.25 සිට 2003.01.11)

ලුතිතන් කර්නල් ආර්පී රාජපතිරන ආර්එස්පී පීඑස්සී ශ්‍රීලංඉ
(2003.01.11 සිට 2005.04.03)
 
ලුතිතන් කර්නල් එස්කේ තිරිනවුකරසු ශ්‍රීලංඉ
(2005.04.04 සිට 2007.06.28 දක්වා)

ලුතිතන් කර්නල් ඒඑන් අමරසේකර ශ්‍රීලංඉ
(2007.06.28 සිට 2008.09.02 දක්වා)
 
ලුතිතන් කර්නල් එන්පීඒ ගුණවර්ධන ආර්එස්පී ශ්‍රීලංඉ
(2008.09.03 සිට 2010.09.26 දක්වා)

ලුතිතන් කර්නල් පීඑන් ගොඩැල්ලවත්ත පීඑස්සී ශ්‍රීලංඉ
(2010.10.14 සිට 26.09.2013)
 
ලුතිතන් කර්නල් ඩබිලිවිඑමිජී වීරකෝන් යූඑස්පී ශ්‍රීලංඉ
(2013.10.04 සිට 2016.08.17 දක්වා)

ලුතිතන් කර්නල් එච්කේපී කරුණාතිලක ආර්එස්පී ශ්‍රීලංඉ
(From 18.08.2016 - 06.08.2018)
 
මේජර් එම්ඩීජේ වික්‍රමාරච්චි යූඑස්පී පීඑස්සී ශ්‍රීලංඉ
(From 06.08.2018 – 01.09.2019)

මේජර් එස්කේ වරාහේන යූඑස්පී ශ්‍රීලංඉ
(From 01.09.2019 - 02.07.2020)
     

PRESENT DEPLOYMENT

Presently, the Headquarters of 7 Field Engineer Regiment is deployed at BatuOya, Minneriya undercommand to Security Forces Headquarters (East). All other Squadrons are co-located at BatuOya, Minneriya.

The 70 Headquarter squadron preforming all administrative tasks in the unit. 71 Field Squadron is performing humanitarian De-mining. 72 Field Squadron and 73 Field Squadron are performing all field engineer tasks in SFHQ (E) AOR. 74 Plant Squadron preforming all the plant tasks in SFHQ (E) AOR.

The Entrance of the Unit
7 SLE RHQ Office Complex