Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

රෙජිමේන්තු මගුල් හස්තියා

කණ්ඩුල

1961 වර්ෂයේ බළඇණියේ ප්‍රථම මංගල වස්තුව ලෙස නම් කර සිටි සුරතල් මුවාගේ වියෝ වීමත් සමග හස්තියෙකු බදු තේජමාන වස්තුවක් ඊට වඩා සුදුසු බවට තීරණය කෙරිණි. මේ තීරණය රජයට හා අදාල ආයතන වලට දැනුම් දිමෙන් ටික කලකට පසුව එවකට සත්ව උද්‍යානයේ අධ්‍යක්ෂකව සිටි මේජර් ඕබ්‍රේව් වයිමන් නම් සුදු ජාතිකයා කුඩා අලි පැටවෙකු ලංකා පාබල හමුදාවට ලබාදීමට එකග වුයේය. 1961 ජනවාරි මස 02 දා මේ අලි පැටවා නිල වශයෙන් පළවන ලංකා පාබල හමුදාව වෙත පරිත්‍යාග කෙරුණි. අලි පැටවෙකු සිය මංගල වස්තුව ලෙස පත්කර ගනිමින් 1 ලපාහ බළඇණි ඉතිහාසයට එක්විය.

ලංකාවේ පහලවු විශිෂ්ඨ රජවරයෙකු වන ගැමුණු මහ නිරිදුන්ගේ මංගල වස්තුව වු වීරෝධාර කණ්ඩුල හස්තියාගේ නම මෙම අලි පැටවාට යොදන ලදී. නිසි වයස් එළඹීමෙන් පසු මංගල හස්තියා නව හස්තියෙකුට තමාට පැවරුණ රාජකාරියට ඉඩ දෙමින් කණ්ඩුල හස්තියා විශ්‍රාම ගැන්විම සිදුකරන අතර, ඒ අනුව ගෙන එනු ලබන නවක හස්තියාද කණ්ඩුල නම් විය. මේ වන විට රෙජිමේන්තු මංගල හස්තියා ලෙස නම් දරා සිටින්නේ කණ්ඩුල IX හස්තියා වන අතර, පැවරුණ රාජකාරි වලට අනුගතව පුහුණුව ලබමින් රෙජිමේන්තු වෙත පැමිණෙන විශේෂ ආරාධිත අමුත්තන් හා රාජ්‍ය නායකයන් පිළිගැනිමට මෙන්ම රෙජිමේන්තුව මගින් සිදුකරනු ලබන සම්මාන පෙළපාලිවලට සහභාගිවීම මංගල හස්තියාට පැවරෙන රාජකාරින් අතර වේ.