Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

රෙජිමේන්තු ලාංඡනය

රෙජිමේන්තු ලාංඡනය

1881.09.06 දින ඒකක අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් ජෝන් ස්කොට් ආම්ටේජ් විසින් රාජකීය අති උතුම් වේල්සයේ කුමරු වෙතින් බළඇණියේ ගෞරවනීය කර්නල් පදවිය භාරගැනිමට කැමැත්ත විමසන ලදී. එම ලිපිය වේල්සයේ කුමරු විසින් සතුටින් භාරගෙන ඒ සදහා 1881.11.31 වන දින කැමැත්ත ප්‍රකාශ කරන ලදී. මෙම කරුණු මුල්කරගෙන බ්‍රිතාන්‍ය කිරීටයක හෙබවු පැස්බර පිහාටු තුනකින්ද, යටින් වේල්ස්හි කුමරුගේ ආදර්ශ පාඨය වන "ඉච් ඩියන්", (සේවය කරමි) සමන්විත වු වේස්ල් කුමරුගේ ලාංඡනය මුලින්ම යොදා ගන්නා ලදී.

Elephant and Coconut Tree


From 28 November 1881 to 22 May 1972


From 22 May


1972 & Up to Now


1910 වකවානුවේදි මෙම ලාංඡනයට පාබල හමුදා සංකේතවත් කරන බියුගලයක්ද කඛ්ෂ අකුරු බැදි අක්ෂරයන්ගෙන් සමන්විත විය. 1972 දී ලංකාව ජනරජයක් වශයෙන් ප්‍රකාශයට පත්කල විටදී රෙජිමේන්තු ලාංඡනයෙහි සදහන් පාරිභාෂික අකුරු වල යම් යම් සංකේත වලත් වෙනසක් සිදුවිය. රෙජිමේන්තුවේ අභිමානය ශ්‍රී ලංකා පබාල හමුදාව, යනුවෙන්ද බියුගල් නලාවේ රැහැන් අතර වු සීඑල්අයී යන අකුරු තුන ඉවත් කොට ඒ වෙනුවට ලපාහ යන සිංහල අකුරු යොදන ලදී. වේල්ස් කුමරුගෙත් ආදර්ශ පාඨය වන "ඉච් ඩියන්" යන්න "සේවය කරමි" යන සිංහල පරිවර්ථනය යොදා වෙනස් කෙරිණි. ලාංඡනයේ ආකෘතියෙන් වේල්ස් කුමරුගේ ඔටුන්න ඉවත් කෙරිණි. පැස්බර පිහාටු තුන ඉවත් කර හැඩහුරුකමින් ඒවාට සමාන පෙනුමක් ඇති වී කරල් 03ක් අන්තර්ගත කරන ලදී.

ලංකා පාබල හමුදාවේ ලාංඡනයේ වංශ විහ්නය වන්නේ බියුගල් නලාවත් එහි රැහැන් අතරින් යෙදුනු ලපාහ, යන සිංහල අකුරු තුනත් සේවය කරමි යන ආදර්ශ පාඨයත්, බියුගල් නලාවේ රැහැන් වලින් බැදුනු වී කරල්වල පැහැය රන්වන් වන අතර, අනෙකුත් සියල්ලම රජත පැහැයෙන් යුක්ත වේ. මෙසේ නැවත සැලසුම් කරන ලද රෙජිමේන්තු ලාංඡනය ශ්‍රී ලංකා පාබල හමුදාවේ භාවිතා වේ.