17th March 2026 11:21:50 Hours
යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් වයිඒබීඑම් යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ හා සේවාවනිතා ශාඛාවේ ගරු සභාපතිනි දර්ශණි යහම්පත් මැතිනියගේ උදාරතර සංකල්පයක් මත 2026.02.28 වන දින මීගොඩ නඩුහේන ප්‍රදේශයේ පිහිටි මහාබෝධි බාලිකා ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ ළමුන් වෙත ත්‍යාග හා ඔවුන්ගේ පරිහරණය සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ පරිත්‍යාග කිරීමේ සත්කාරක වැඩසටහනක් සාර්ථකව සිදුකරන ලදී.
හෙට දින ලොව දිනන දැයේ අනාගත දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා සමාජ සත්කාරක වැඩසටහන් මාලාවේ තවත් එක් අවස්ථාවක් ලෙසින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී. මෙම වැඩසටහනට සමගාමීව නේවාසිකව සිටින දරුවන්ගේ විනෝදාස්වාදය උදෙසා රෙම ශ්‍රීලපාහ ත්‍රිපුද්ගල සංගීත කණ්ඩායම විසින් සංගීතමය වැඩසටහනක් ද ඉදිරිපත් කළ අතර, දරුවන් වෙත දීවා ආහාරයද ලබාදීමට කටයුතු කරන ලදී.
මෙම අවස්ථාව සඳහා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිතුමිය ඇතුළු ජ්‍යේෂ්ඨ සාමාජිකාවන් හා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක තුමන්ද, මාණ්ඩලික නිලධාරීන් හා සෙසුනිලයින් පිරිසක් සහභාගී වූහ.