Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

27th February 2026 12:02:31 Hours

රණවිරු දිරියට සේවාවනිතාවෙන් අත්වැලක්

යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් වයිඒබීඑම් යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ හා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනි දර්ශනී යහම්පත් මැතිනියගේ උපදෙස් හා මගපෙන්වීම මත 2026.02.20 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථාන දේශණශාලාවේදි මෙම රණවිරු අර්ධ නිවාස මුල්‍යාධාර වැඩසටහනේ VI වන අධියර ආරම්භ කරන ලදී.

යුධ හමුදා සක්‍රීය සේවයේ යෙදී සිටින තම නිවස ඉදිකර ගැනීමේ කටයුතු අවසන් කර නොමැති රණවිරුවන් වෙනුවෙන් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක වන අතර, ඉන් VI වන අධියර යටතේ 1 ශ්‍රීලපාහ ඒකකයට අයත් සෙ/327307 කෝප්‍රල් පණ්ඩිතරත්න ජීඒයුකේ යන කොනොනිගේ අර්ධ වශයෙන් ඉදිකර ඇති නිවසේ ඉතිරි වැඩ කටයුතු අවසන් කර ගැනීම සඳහා රුපියල් ලක්‍ෂ තුනක මුල්‍යාධාර පිරිනැමීම සිදු කරන ලදී.

මෙම අවස්ථාව සඳහා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනි දර්ශනී යහම්පත් මැතිණිය සහ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්ද රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක තුමන් ඇතුළු රෙජිමේන්තුවේ මාණ්ඩලික නිලධාරීන් හා සෙසුනිලයින් සහභාගී වන ලදී.