02nd January 2026 18:43:39 Hours
වසර 35 කට අධික යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කරමින් විශ්‍රාම දිවියට පා තැබූ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවට අයත් ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු වන මේජර් ජෙනරාල් ඒඑම්සීපී විජයරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්පීඑස් පීඑස්සී ජ්‍යේෂ්ඨ නිලධාරී විශ්‍රාම යාම නිමිත්තෙන් ගෞරවාචාරය පුදකිරීමේ උත්සවයක් 2026 ජනවාරි මස 01 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පවත්වන ලදී.
මෙම ජ්‍යේෂ්ඨ නිලධාරී තම සේවා කාලය තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවල අණ, මාණ්ඩලික හා උපදේශක තනතුරු රැසක් හොබවමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙනුවෙන් එතුමන්ගේ විශිෂ්ට සේවය ලබාදී ඇත. රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි එතුමන් වෙත යුද හමුදා සම්ප්‍රදායානුකූලව කඳවුරු මුරයක් හා උත්කර්ෂවත් සම්මාන මුරයක් පිරිනමන ලදී. පාබල හමුදා රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දක්වා දේශයේ උන්නතිය වෙනුවෙන් ජීවිතය පුද කළ අභීත රණවිරුවන් වෙනුවෙන් තම කෘතවේදීත්වය පිරිනැමීමෙන් අනතුරුව රෙජිමේන්තු කාර්යාල සංකීර්ණය අසළදී සියලුම නිලධාරීන් සමග සමූහ ඡායාරූපයකට පෙනී සිටින ලදී. අනතුරුව තම යුද්ධ හමුදා ජීවිතය තුළ ලබාගත් අත්දැකීම් මත පදනම්ව දැනට සේවයේ යෙදී සිටින නිලධාරීන් හා සෙසුනිලයින් අමතමින් අගනා කාලෝචිත දේශනයක් සිදුකළ මෙම ජ්‍යේෂ්ඨ නිලධාරීතුමන් මෙම උත්සවමාලාව සංවිධානය කිරීම සබැඳිව රෙජිමේන්තු අධිපතිතුමන් හට මෙන්ම රෙජිමේන්තු මන්ත්‍රණ සභාවේ සියලුම ජ්‍යේෂ්ඨ නිලධාරීන් හට හා මධ්‍යස්ථාන සේනාවිධායක ඇතුළු සියලුම නිලයින් වෙත තම ස්තූතිය පුදකිරීමෙන් අනතුරුව කොනොනි සමාජශාලාව තුළ පිළියෙල කරන ලද සියලු නිල තේ පැන් සංග්‍රහයට සහභාගී වී තම සහෝදර නිලධාරීන් හා සෙසුනිලයන් සමග සුහද පිළිසඳරක නියැලෙන ලදී.
විශ්‍රාම දිවියට පා තැබූ ජ්‍යේෂ්ඨ නිලධාරී වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවය සඳහා පාබල හමුදාවට අයත් ජ්‍යේෂ්ඨ නිලධාරීන්, මධ්‍යස්ථාන සේනාවිධායක, නියෝජ්‍ය සේනාවිධායක ඇතුළු මාණ්ඩලික නිලධාරින්, කනිෂ්ඨ නිලධාරින් සහ රෙජිමේන්තු සැරයන් මේජර් ප්රමුඛ සෙසුනිලයින් රැසක් සහභාගී වූහ.
විශ්‍රාම දිවියට පා තබන මේජර් ජෙනරාල් ඒඑම්සීපී විජයරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්පීඑස් පීඑස්සී ජ්‍යේෂ්ඨ නිලධාරීතුමනි, ඔබගේ විශ්‍රාම දිවිය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි හා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් වයිඒබීඑම් යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ජ්‍යේෂ්ඨ නිලධාරී ඇතුළු රෙජිමේන්තුවට අයත් සියලුම නිලයින් මෙසේ සුබ ප්‍රාර්ථනා කරන්නෙමු.