27th December 2025 18:13:20 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් වයිඒබීඑම් යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ හා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනී දර්ශනී යහම්පත් මැතිනියගේ සංකල්පයකට අනුව, ගැබිණි මව්වරුන් වෙනුවෙන් අවශ්‍ය ඇඳුම් බෙදාදීමේ වැඩසටහනක් 2025.12.24 වන දින කාසල් විදියේ කාන්තා රෝහලේදි ක්‍රියාත්මක කල අතර, එහිදී ගැබිණි මව්වරුන් 100 දෙනෙකු හට අවශ්‍ය ඇඳුම් ලබාදීම සිදු කරන ලදී.
මෙම සමාජ සත්කාරය රවිෂා සොනාලි අබේවර්ධන මෙනවියගේ මුල්‍ය දායකත්වයෙන් සහ සේවා වනිතා ශාඛාවේ සම්බන්ධීකරණයෙන් යුතුව සිදු කල අතර, එම අවස්ථාව සඳහා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිතුමිය අතුළු ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන් හා ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මාණ්ඩලික නිලධාරීන් සමඟ සෙසුනිලයින් සහභාගී විය.