Skip to main content
Header Sinhala
ශ්‍රී ලංකා පාබල හමුදාව
සේවය කරමි
ENGLISH
සිංහල
Toggle navigation
මුල් පිටුව
පත්වීම්
රෙජිමේන්තු අධිපති
රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක
රෙජිමේන්තු සැරයන් මේජර්
ඉතිහාසය
රෙජිමේන්තු ඉතිහාසය
හිටපු රෙජිමේන්තු අධිපතිවරුන්
හිටපු රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායකවරුන්
සංවිධානය
නිත්‍ය ඒකක
ස්වේච්ඡා ඒකක
රෙජිමුබ
සඟරාව
ක්‍රීඩා සහ මලල ක්‍රීඩා
මාධ්‍ය එකතුව
රූප එකතුව
අමතන්න
රෙජිමේන්තු අධිපති
රෙජිමේන්තු මධ්‍යස්ථානය
රෙජිමේන්තු
19th December 2025 18:13:58 Hours
නිල උසස්වීමෙන් පසු මව් රෙජිමේන්තුවෙන් ගරුබුහුමන් ලද මේජර් ජෙනරාල් ජීඩීජේසී ප්‍රේමතිලක යූඑස්පී එන්ඩීසී පීඑස්සී ජ්‍යේෂ්ඨ නිලධාරී
මේජර් ජෙනරාල් නිලයට අභිනවයෙන් උසස්වීම් ලබා තම මව් රෙජිමේන්තුව වෙත වර්ෂ 2025 ක් වූ දෙසැම්බර් මස 19 වන දින සපැමිණි මේජර් ජෙනරාල් ජීඩීජේසී ප්‍රේමතිලක යූඑස්පී එන්ඩීසී පීඑස්සී ජ්‍යේෂ්ඨ නිලධාරී වෙත සම්ප්‍රදානුකූලව කඳවුරු මුරයක් හා අභිමානවත් සම්මාන මුරයකින් පිළිගනු ලැබීය. සම්මාන මුරයෙන් අනතුරුව මියගිය රණවිරුවන් සිහිකිරීම සඳහා රණවිරු ස්මාරකය වෙත ගොස් පුෂ්පෝපහාර දක්වා මෙම ජ්‍යේෂ්ඨ නිලධාරීතුමන් පැමිණ සිටි සියලුම නිලධාරීන් සමග සමූහ ඡායාරූපයකට පෙනීසිටින ලදී. මෙම ජ්‍යේෂ්ඨ නිලධාරී විසින් භටපිරිස් අමතමින් ඉතාමත් කාලෝචිත හා ආදර්ශමත් පණිවිඩයක් සියලුම නිලයින්හට ලබාදුන් අතර, තම යුද හමුදා දිවියේ ශක්තියක් වූ සියලුම ජ්‍යේෂ්ඨ කනිෂ්ඨ නිලධාරීන් මෙන්ම සෙසුනිලයින්ද කෘතඥතාපූර්වකව සිහිපත් කළ අතර, එතුමන්ගේ නිල උසස්වීම වෙනුවෙන් මෙවැනි උත්සව අවස්ථාවක් සංවිධානය කිරීම සබැඳිව වත්මන් යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මෙන්ම පාබල හමුදා රෙජිමේන්තු අධිපතිතුමන් වෙත තම කෘතඥතාවය පලකළේය. අනතුරුව එතුමන් කොනොනි සමාජ ශාලාවේ පැවැති තේ පැන් සංග්‍රහයට සහභාගීවී සියලුම නිලයින් සමග සුහද පිළිසඳරක නියැලෙන ලදී. කෙඩෙට් නිලධාරියෙකු ලෙස 1994 වර්ෂයේ දෙසැම්බර් මස 16 වෙනි දින යුද්ධ හමුදාවට බැඳී මූලික යුද පුහුණුව කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨයේ පාඨමාලා අංක 10 වෙතින් සාර්ථකව නිම කළ මෙම ජ්‍යේෂ්ඨ නිලධාරී දෙවන ලුතිතන්වරයෙකු ලෙස අධිකාරියට පත්ව පාබල හමුදා රෙජිමේන්තුවේ 1 වන බළඇණිය වෙත ඛණ්ඩ භාර නිලධාරියෙකු ලෙස අනුයුක්ත කරන ලදී. එම බළඇණිය තුළදී, විශේෂ පාබල ක්‍රියාන්විත ඛණ්ඩභාර නිලධාරී, බුද්ධි නිලධාරී, විධායක අධිකාරී මෙන්ම කණ්ඩායම් භාර නිලධාරී අණදෙන වශයෙන් තනතුරු දැරීමෙන් පසු 6 ශ්‍රීලපාහ බළඇණියේ කණ්ඩායම් භාර නිලධාරී අණදෙන ලෙස කටයුතු කර ඇති මෙතුමන්, 1 වන සාම සාධක බළඇණිය සමග හයිටි රාජ්‍යයේ සාම සාධක රාජකාරි ඉටුකර ඇත. තම රාජකාරී දිවියේ අත්දැකීම් එකතුකර ගනිමින් 4 ශ්‍රීලපාහ බළඇණියේ අණදෙන නිලධාරී ලෙස එම බළඇණිය මෙහෙයවීමේ මහඟු අවස්ථාව උදාකරගත් මෙතුමන් තම ධූරකාලය තුළදී එම බළඇණිය රෙජිමේන්තු මධ්‍යස්ථානයේ හොඳම බළඇණිය ලෙස ඔසවාතැබීම සඳහා මනා නායකත්වයක් ලබාදෙන ලදී. අණ, මාණ්ඩලික සහ උපදේශක නිලධාරියෙකු ලෙස තම වෘත්තීමය කුසලතාවයන් ඉතා මැනවින් ප්‍රදර්ශනය කර ඇති මෙම ජ්‍යේෂ්ඨ නිලධාරී තම රාජකාරී දිවියේ යුද්ධ හමුදාවේ වගකිවයුතු තනතුරු රාශියක් හොබවන ලදී. ඒ අතරින් මාණ්ඩලික නිලධාරී 111 - යුධ සේවා ලේකම් කාර්යාලය, ප්‍රමානි 2 (ක්‍රියා හා පුහුණු)- ප්‍රදේශ මුලස්ථානය කුරුණෑගල, බලසේනා මේජර් - 221 පාබල බලසේනාව, ප්‍රමානි 2 (පුහුණු) - ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලය බටලන්ද, උපදේශක නිලධාරී - ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලය බටලන්ද, ජ්‍යේෂ්ඨ උපදේශක - යුද්ධ හමුදා යුද විද්‍යාලය, යුධ සහකාර ආරක්ෂක ලේකම්, අණදෙන නිලධාරී - යුධ හමුදා පුහුණු පාසල මාදුරුඔය, බලසේනාධිපති - 553 පාබළ බලසේනාව, බලසේනාධිපති - 571 පාබල බලසේනාව, පුහුණු අංශ ප්‍රධානී (යුද හමුදා අංශය) - ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලය බටලන්ද, යන තනතුරු විශේෂයෙන් සඳහන් කළහැකි අතර, මේ වන විට ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලය බටලන්දහි ප්‍රධාන උපදේශක (යුද හමුදා අංශය) ලෙසින් කටයුතු කරනු ලබයි. මෙම ජ්‍යේෂ්ඨ නිලධාරී දේශීය හා විදේශීය පාඨමාලා ගණනාවක් හදාරා ඇති අතර, දේශීය පාඨමාලා වශයෙන්, මාණ්ඩලික නිලධාරී පාඨමාලාව, අණ හා මාණ්ඩලික නිලධාරී පාඨමාලාව, ජාතික අරකෂාව පිළිබද පාඨමාලාව යන පාඨමාලා හැඳින්විය හැක. විදේශීය පාඨමාලා වශයෙන්, තරුණ නිලධාරී පාඨමාලාව - පාකිස්ථානය, කනිෂ්ඨ අණ දෙන්නන්ගේ පාඨමාලාව - ඉන්දියාව, අණ හා මාණ්ඩලික නිලධාරී පාඨමාලාව - ඉන්දියාව, ජ්‍යේෂ්ඨ අණ දෙන්නන්ගේ පාඨමාලාව - චීනය විශේෂයෙන් සඳහන් කළ හැක. තවද තම වෘත්තීය දැනුම හා කුසලතා වර්ධනය කරගනුවස් හදාරා ඇති අනෙකුත් පාඨමාලා සහ උපාධි වශයෙන්, ශාස්ත්‍රවේදී උපාධිය (අරකෂක අධ්‍යයන) - ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය, කළමනාකරණ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව - ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය කොළඔ, ආරක්ෂක හා උපායමාර්ගික අධ්‍යනය පිළිබද විද්‍යාවේදී උපාධිය - කැළණිය විශ්ව විද්‍යාලය හා මැඩිරාස් විශ්ව විද්‍යාලය ඉන්දියාව, තාක‍්ෂණය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩ සටහන - IDM විශ්ව විද්‍යාලය කොළඹ, ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නියෝජනය කරමින් පකිස්ථානය, චීනය, රුසියාව, බංගලිදේශය, ඉන්දුනීසියාව සහ තායිලන්තය යන රටවල්වල වැඩමුළු සහ සංචාර සඳහා සහභාගි වී ඇති මෙතුමන් මේ වන විට ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය වෙතින් දර්ශනපති උපාධිය හදාරමින් සිටියි. තම දැනුම හා කුසලතාවය නිසාවෙන් ලද භාග්‍යක් ලෙසින් මෙම ජ්‍යේෂ්ඨ නිලධාරී හට කැළණිය විශ්ව විද්‍යාලයේ සහ ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ ආරාධිත දේශකයකු වශයෙන් දේශණ පැවැත්වීම සදහා සහභාගී වීමේ අවස්ථාවද හිමිවී ඇති අතර, ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලය බටලන්ද වෙතින් Golden Owl සහ Golden Pen යන සම්මාන ද්විත්වයම එකවර හිමිකරගත් ප්‍රථම යුද හමුදා නිලධාරියා මෙන්ම, එම විද්‍යාලයේම පුහුණු අංශ ප්‍රධානී සහ ප්‍රධාන උපදේශක යන තනතුරු ද්විත්වයම හොබවා ඇති මේවන විට ශ්‍රී ලංකා පාබල හමුදාවෙන් බිහිවු පලමු හා එකම ජ්‍යේෂ්ඨ නිලධාරීයා වශයෙන් යුද හමුදා ඉතිහාසයේ සුවිශේෂී සටහනක් තැබීමට මෙතුමන් සමත්වී තිබීම විශේෂයෙන් සටහන් කළ යුතු කරුණකි. තවද, ක්‍රීඩා කටයුතු පිළිබඳව මෙතුමන්ගේ දායකත්වය පිළිබඳ සටහන් තැබීමේදී, පාබල හමුදා චෙස්, ජූඩෝ සහ මල්ලව පොර යන ක්‍රීඩා කමිටුවල සභාපති ධූර දරමින් පාබල හමුදා ක්‍රීඩා සංවර්ධන කටයුතු හා එහි උන්නතිය වෙනුවෙන් සුවිශේෂී මගපෙන්වීමක් ලබාදෙයි. මෙතුමත් 1995 වර්ෂයේ සිට වත්නි අවසන් මානුෂිය මෙහෙයුම දක්වා දිවයින තුළ යුද්ධ හමුදාව විසින් දියත් කරන ලද සියලුම ක්‍රියාන්විත සඳහා තම සක්‍රීය දායකත්වය ලබාදී ඇති ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන අතර, ඒ අතුරින් ඉදිරිපිම්ම, සත්ජය, රිවිරැස අධියර 2,3, ජයසිකුරු අධියර 1,2,3,4, රණගොස, වෝටර්ෂෙඩ්, රිවිකිරණ, කිණිහිර, අග්නිකීල, සහ අවසන් වන්නි මානුෂිය මෙහෙයුම විශේෂයෙන් සඳහන් කළ හැක. තිස් වසරක ශාපලත් කුරිරු ත්‍රස්ථවාදය නිමා කිරීමේ විජයග්‍රහණයේ සේවා දානයේ නියමුවෙකු වශයෙන් 1999 වර්ෂයේ චාවකච්චේරිය ප්‍රදේශයේදී ත්‍රස්තවාදීන් විසින් එල්ල කරන ලද ප්‍රහාරයකට ළක්ව තුවාල ලබා ඇති අතර, වික්‍රමාන්විත රණකාමිත්වය හා දේශීය විදේශීය සේවාවන් ඇගයීම වස් ප්‍රදානය කරන ලද පදක්කම් 14 කින්ද පිදුම් ලබා ඇත. නිල උසස්වීම් ලැබූ මේජර් ජෙනරාල් ජීඩීජේසී ප්‍රේමතිලක යූඑස්පී එන්ඩීසී පීඑස්සී ජ්‍යේෂ්ඨ නිලධාරීතුමනි ඔබගේ ඉදිරි හමුදා දිවිය සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවායි රෙජිමේන්තු අධිපති ඇතුළු ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ සියලුම නිලයින්ගේ සුබපැතුම් මෙලෙස එක්කරන්නෙමු.