Skip to main content
Header Sinhala
ශ්‍රී ලංකා පාබල හමුදාව
සේවය කරමි
ENGLISH
සිංහල
Toggle navigation
මුල් පිටුව
පත්වීම්
රෙජිමේන්තු අධිපති
රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක
රෙජිමේන්තු සැරයන් මේජර්
ඉතිහාසය
රෙජිමේන්තු ඉතිහාසය
හිටපු රෙජිමේන්තු අධිපතිවරුන්
හිටපු රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායකවරුන්
සංවිධානය
නිත්‍ය ඒකක
ස්වේච්ඡා ඒකක
රෙජිමුබ
සඟරාව
ක්‍රීඩා සහ මලල ක්‍රීඩා
මාධ්‍ය එකතුව
රූප එකතුව
අමතන්න
රෙජිමේන්තු අධිපති
රෙජිමේන්තු මධ්‍යස්ථානය
රෙජිමේන්තු
17th December 2025 17:41:45 Hours
සේවා වනිතා ශාඛාව වෙතින් ආපදාවට ලක්වු රණවිරුවන් වෙනුවෙන් මානුෂීය ආධාර.....
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි හා ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති අධිපති මේජර් ජෙනරාල් වයිඒබීඑම් යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ හා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනි දර්ශනී යහම්පත් මැතිනියගේ සංකල්පයකට අනුව, අයහපත් කාලගුණ තත්වයෙන් පීඩාවට පත් ශ්‍රී ලංකා පාබල හමුදාවට අයත් රණවිරුවන් වෙනුවෙන් වියලි සලාක, ඇඳුම් සහ පානීය ජලය බෙදාදීමේ වැඩසටහනක් 2025.12.14 වන දින 5 වන ශ්‍රී ලංකා පාබල හමුදා ඒකකයේදී ලබාදෙන ලදී. මෙම සමාජ සත්කාරය වෙනුවෙන් ඇඳුම් සහ පානීය ජල බෝතල් සඳහා දායකත්වය කෑරගල පුටුපාගල ව්‍යාපාරික ප්‍රජාවද වියලි සලාක සඳහා Whale Aquatics පිහිණුම් සංගමය විසින් හා සේවා වනිතා ශාඛාවේ මුල්‍යාධාර සමග 5 වන ශ්‍රී ලංකා පාබල හමුදා ඒකකයේ අණදෙන නිලධාරිගේ පුර්ණ සම්බන්ධීකරණයෙන් සිදු කල අතර, එම අවස්ථාව සඳහා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනී දර්ශනී යහම්පත් මැතිනිය ඇතුළු ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්ද ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක සහ 5 ශ්‍රීලපාහ ඒකකයේ අණදෙන නිලධාරී ඇතුළු මාණ්ඩලික නිලධාරීන් සමඟ සෙසුනිලයින් සහභාගී විය.