Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

17th December 2025 17:38:09 Hours

ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ මිහිඳු සෙත් මැඳුර අත්තිඩිය සුව සහන මධ්‍යස්ථානයේ සංචාරය...

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි හා ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති අධිපති මේජර් ජෙනරාල් වයිඒබීඑම් යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ හා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනි දර්ශනී යහම්පත් මැතිනියගේ උපදෙස් හා මගපෙන්වීම මත ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනි දර්ශනි යහම්පත් මැතිනියගේ ප්‍රධානත්වයෙන් 2025.12.12 වන දින මිහිඳු සෙත් මැඳුර අත්තිඩිය සුව සහන මධ්‍යස්ථානයේ නේවාසිකව ප්‍රථිකාර ලබන රණවිරුවන්ගේ සුවදුක් විමසිම සඳහා සංචාරයක් සිදු කරන ලදි.

තම රට ජාතිය සුරකීමේ පරම පිවිතුරු චේතනාවෙන් යුතුව තම තාරුණ්‍ය කැප කරමින් කුරීරු ත්‍රස්තවාදයට එරෙහිව කාය දානය පුද කරමින් යුධ වැද දැනට රණක්‍ෂිතයටපත්ව සිටින විරෝධාර රණවිරුවන්ගේ සේවය අගයමින් ඔවුන්ගේ කුසලතා වර්ධනය කිරිම වෙනුවෙන් ඔවුන්හට උපකරණ තොගයක් හා දීවා ආහාර වේලක් සමග ශ්‍රී ලංකා පාබල හමුදා එක පුද්ගලික සංගීත කණ්ඩායම සමගින් ඔවුන්හට සංගීත රසාස්වාදයක්ද ලබාදි සුවදුක් විමසා බැලිම සඳහා ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපති තුමිය ඇතුළු ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්ද, පාබල හමුදා මධ්‍යස්ථාන සේනාවිධායක තුමන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරින් ඇතුළු කාර්ය මණ්ඩලය සහභාගී විය.