Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

16th December 2025 22:09:12 Hours

සේවා වනිතා ශාඛාව වෙතින් මහනුවර උඩුදුම්බර ගංගොඩ ප්‍රදේශයේ ආපදාවට ලක්වු ජනතාව වෙනුවෙන් මානුෂීය ආධාර.....

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි හා ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති අධිපති මේජර් ජෙනරාල් වයිඒබීඑම් යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ හා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනි දර්ශනී යහම්පත් මැතිනියගේ සංකල්පයකට අනුව, අයහපත් කාලගුණ තත්වයෙන් පීඩාවට පත් අපේම සහෝදර ජනතාව වෙනුවෙන් වියලි සලාක, ඇඳුම් සහ පානීය ජලය බෙදාදීමේ වැඩසටහනක් 2025.12.10 වන දින මහනුවර උඩුදුම්බර ගංගොඩ ප්‍රදේශයේ ජනතාව වෙත ලබාදීම සිදු කරන ලදී.

මෙම සමාජ සත්කාරය වෙනුවෙන් ඇඳුම් සහ පානීය ජල බෝතල් සඳහා දායකත්වය කෑරගල පුටුපාගල ව්‍යාපාරික ප්‍රජාවද වියලි සලාක සඳහා Whale Aquatics පිහිණුම් සංගමය විසින් හා සේවා වනිතා ශාඛාවේ මුල්‍යාධාර සමග සිදු කල අතර, එම අවස්ථාව සඳහා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනි දර්ශනී යහම්පත් මැතිනිය ඇතුළු ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්ද ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක ඇතුළු මාණ්ඩලික නිලධාරීන් සමඟ සෙසුනිලයින් සහභාගී විය.