Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

16th December 2025 21:59:59 Hours

රණවිරුවන් සහ රණවිරු පවුල් වෙනුවෙන් කාලීන ධර්මදේශනයක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි හා ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති අධිපති මේජර් ජෙනරාල් වයිඒබීඑම් යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ හා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනි දර්ශනී යහම්පත් මැතිනියගේ පිංබර සංකල්පයකට අනුව, වර්ථමාන සමාජයේ බහුලව දක්නට ලැබෙන සහ සමාජයට උවදුරක්ව පවතින මත් ද්‍රව්‍ය, අන්තර්ජාල සූදු සහ සමාජ මාධ්‍ය හේතුවෙන් ඇතිවන පවුල් ගැටළු අවම කර ගැනීම වෙනුවෙන් කාලීන ධර්ම දේශණයක් පූජ්‍ය කාගම සිරිනන්ද ස්වාමීන් වහන්සේගේ වැඩමවීමෙන් 2025 ක් වූ නොවැම්බර් මස 25 ක් වන දින ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයේ දී පවත්වන ලදී.

මෙම කාලීන ධර්මදේශනාව ශ්‍රවනය කිරීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සේවයේ නියුතු ජ්‍යේෂ්ඨ නිලධාරීන් මෙන්ම ශ්‍රීලපාහ සේවාවනිතා ශාඛාවේ ගරු සභාපතිනිය ඇතුළු ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන් හා ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ආරක්‍ෂක සේනා මූලස්ථානය (බටහිර) ඇතුළු යුද්ධ හමුදා ජනපදයට අයත් අනෙකුත් රෙජිමේන්තු හා ඒකක වලට අයත් සෙසුනිලයින් සහ නිලධාරි / සෙසුනිලයින්ගේ පවුලේ ඥාතීන්ගේ සහභාගීත්වයෙන් සිදු විය.