Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

22nd November 2025 10:00:22 Hours

රණවිරුවන් සහ සිවිල් සේවක මහතුන් හට සේවා වනිතාවෙන් අත්වැලක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි හා ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් වයිඒබීඑම් යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරී හා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනී දර්ශනි යහම්පත් මැතිණියගේ උපදෙස් හා මගපෙන්වීම මත 144 වන රෙජිමේන්තු සංවත්සර උත්සවයට සමගාමීව පාබල හමුදාවේ සක්‍රීය සේවයේ නියුතු රණවිරුවන්ගේ හා ක්‍රියාන්විතයේදි මියගිය රණවිරුවන්ගේ පවුල් සහ සිවිල් සේවක මහතුන්ද ඔවුනගේ පවුල් සඳහා තම ජිවන තත්වය ඉහල නැන්විමේ අරමුණින් 2025 11.05 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථාන දේශණ ශාලාවේදී රණවිරුවන් සහ සිවිල් සේවක මහතුන් හට මූල්‍යාධාර ලබාදීමේ වැඩ සටහනක් ක්‍රියාත්මක කරන ලදී.

එහිදී යුධ හමුදා සේවයෙන් විශ්‍රාම ගොස් සිටියදී මියගොස් ඇති සෙ/12069 සැරයන් ජයවීර එච්ඩී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යන ජ්‍යෙනොනොනීගේ අර්ධ වශයෙන් ඉදිකර ඇති නිවසේ වැඩ කටයුතු අවසන් කර ගැනීම සඳහා රුපියල් ලක්‍ෂ තුනක මුල්‍යාධාරයක්ද, රෙජිමේන්තු මධ්‍යස්ථානය යටතේ රාජකාරි සිදු කරනු ලබන සිවිල් සේවක එෆ්/10856 හෝසේ ඩබ්ලිව්වීකේ වීරසිංහ මහතා හට නාන කාමර පද්ධතියක් ඉදිකර ගැනීම සඳහා රුපියල් ලක්‍ෂයක මුදලක්ද, 8 ශ්‍රීලපාහ ඒකකය යටතේ රාජකාරී සිදු කරනු ලබන 14පීඑල්16587 සිවිල් සේවක ඒජීඑල් ප්‍රියශාන්ත මහතාගේ නිවස ඉදිකර ඇති භුමිය නාය යෑමෙන් සිදුවන හානිය වලක්වා ගැනීම සඳහා පැති බැම්මක් ඉදිකර ගැනීමට රුපියල් ලක්‍ෂයක මුල්‍යාධාරයක්ද පිරිනමන ලදි.

මෙම අවස්ථාව සඳහා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනී දර්ශනී යහම්පත් මැතිණිය සහ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්ද රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක තුමන් ඇතුළු රෙජිමේන්තුවේ මාණ්ඩලික නිලධාරීන් හා සෙසුනිලයින් සහභාගි වන ලදි.