10th November 2025 20:34:10 Hours
ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියනු ලබන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ පැරණිතම රෙජිමේන්තුව වන ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුව සිය අභිමානවත් 144 වෙනි සංවත්සරය 2025 ක් වූ නොවැම්බර් මස 03 වෙනි දින උත්සවශ්‍රීයෙන් අභිමානවත්ව සැමරූ අතර, එයට සමගාමීව 2025.11.05 වෙනි දින "අභිමන් මුදුනත" රණවිරු ස්මාරකය අභියසදී රණවිරු සැමරුම් උත්සවයක් ද පවත්වනු ලැබීය.
1881 අප්‍රේල් මස 01 වන දින අංක 4396 දරන රජයේ ගැසට් පත්‍රයේ 528 වන පිටුවෙන් ශ්‍රී ලංකාව තුළ ස්වේච්ඡා පාබල හමුදාවක් නගාසිටුවීම සඳහා අනුමැතිය හිමිවීමෙන් පසු 1881 අප්‍රේල් මස 01 වන දින සිලෝන් වොලන්ටියර්ස් නමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම පාබල හමුදාව ආරම්භ විය. 1989 ජුනි මස 30 වන දින යුද්ධ හමුදා විශේෂ නියෝගයට අනුව පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේ, 1 වන බළඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාව ස්ථාපිතව තිබූ භූමියේ දී වර්ෂ 1989 ක්වූ ඔක්තෝබර් මස 23 වන දින රෙජිමේන්තු ධජය ඔසවා ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානය ආරම්භ කරන ලදී. සෑම රෙජිමේන්තු දින සංවත්සරයකදීම පාබල හමුදාව නගාසිටවූ වර්ෂය සංකේතවත් කරමින් සිය සංවත්සර දිනය සමරනු ලබයි. ශ්‍රී ලංකා පාබල හමුදාව ආරම්භ කර මේ වන විට වසර 144 ක් සපුරා ඇති අතර, එදා මෙදා තුර ‘‘සේවය කරමි“ යන ආදර්ශ පාඨය පෙරදැරිව මාතෘභූමියේ ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාවය සුරක්ෂිත කිරීම වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් ඉටුකරනු ලබයි.
144 වෙනි රෙජිමේන්තු දින සැමරුම් උළෙලෙහි සමාරම්භය සනිටුහන් කරමින් යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් වයිඒබීඑම් යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ජ්‍යේෂ්ඨ නිලධාරී වෙත රෙජිමේන්තු මධ්‍යස්ථාන ප්‍රධාන පිවිසුම් දොරටුව අභියසදී කඳවුරු මුරයක් පිරිනමා ඉන් අනතුරුව රෙජිමේන්තු මධ්‍යස්ථාන සරඹ භූමියේදී අභිමානවත් සම්මාන පෙළපාලියක උත්තමාචාරය පුදකරනු ලැබීය. එහිදී 2025 වසරේ පැවති පාලන පරීක්ෂාවෙන් ප්‍රථම සහ දෙවන ස්ථාන ලබාගත් නිත්‍ය, ස්වේච්ජා බළඇණි හා අන්තර් බළඇණි සරඹ තරඟාවලියේදී දක්ෂතා දැක්වූ සරඹ කණ්ඩායම් වෙත කුසලාන හා සහතිකපත් ප්‍රදානය කිරීම සිදුවිය. ඉන් අනතුරුව රෙජිමේන්තු අධිපති පැමිණ සිටි සියලුම නිලධාරීන් හා ජ්‍යේෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් සමඟ සමුහ ඡායාරූපයකට පෙනී සිටින ලදී. උත්සවය සඳහා පැමිණි සියලු නිලයින් අමතමින් කාලෝචිත මෙන්ම හරවත් දේශණයක්ද සිදුකරන ලදී.
144 වෙනි සංවත්සර දිනට සමගාමීව සෙසුනිල භෝජනාගාරයේ පිළියෙල කරන ලද සියලු නිල දිවාභෝජන සංග්‍රහයට සහභාගී වූ රෙජිමේන්තු අධිපති පැමිණ සිටි සියලු නිලයන් සමග සුහද පිළිසඳරක නියැලෙන ලදී. සංවත්සර දින සැමරුම් උත්සවය සඳහා රෙජිමේන්තු මහා කාරක සභාවට අයත් ජ්‍යේෂ්ඨ නිලධාරීන් හා අනෙකුත් ජ්‍යේෂ්ඨ නිලධාරීන්, අණදෙන නිලධාරීන්, නිලධාරීන් හා රෙජිමේන්තු සැරයන් මේජර් ඇතුළු සෙසුනිලයන් විශාල පිරිසක් සහභාගී විය.
144 වෙනි පාබල හමුදා සංවත්සර දිනයට සමගාමීව පවත්වන ලද රණවිරු සැමරුම වර්ෂ 2025 ක් වූ නොවැම්බර් මස 05 වෙනි දින පාබල හමුදා මධ්‍යස්ථානයේ ‘‘අභිමන් මුදුනත“ රණවිරු ස්මාරකය අභියස දී අති උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදී.
වර්ෂ 2025 ක් වු නොවැම්බර් මස 05 වෙනි දින "අභිමන් මුදුනත" රණවිරු සැමරුමේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් බීකේජීඑම්එල් රොද්‍රිගෝ ආර්එස්පී සීටීඑෆ් එන්ඩීයූ පීඑස්සී අයිජී ජ්‍යේෂ්ඨ නිලධාරී සහභාගී විය. මෙම අවස්ථාවට විශේෂ ආරාධිත අමුත්තන් වශයෙන් ශ්‍රී ලංකා පාබල හමුදාවෙන් බිහිවූ යුද්ධ හමුදාධිපතිවරු දෙපලක් වන ජෙනරාල් එස්එච්එස් කෝට්ටේගොඩ (විශ්‍රාමික) ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී හා ජෙනරාල් ආර්එම්ඩී රත්නායක (විශ්‍රාමික) ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී යන ජ්‍යේෂ්ඨ නිලධාරීන් සහභාගී වූ අතර, යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් වයිඒබීඑම් යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ඇතුළු ජ්‍යේෂ්ඨ නිලධාරීන් මෙන්ම හිටපු රෙජිමේන්තු අධිපතිවරුන්, පාබල හමුදා සංගමයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන්, සේවයේ යෙදී සිටින ජ්‍යේෂ්ඨ, කනිෂ්ඨ නිලධාරීන්, මියගිය රණවිරුවන්ගේ ළඟම ඥාතීන් විශාල සංඛ්‍යාවකගේ සහභාගීත්වයෙන් මෙම සැමරුම් උළෙල සාර්ථකව පවත්වන ලදී.
ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ ගෞරවාභිමානය රකිමින් 1881 වර්ෂයේ පාබල හමුදාව ස්ථාපනය කළ දින සිට අවසන් මානුෂීය මෙහෙයුම දක්වා මව්බිමේ භෞමික අඛණ්ඩතාවය හා ස්වෛරීත්වය සුරකිනු වස් රට දැය වෙනුවෙන් ප්‍රාණදානය ලබාදෙමින් මිහිතලය සිපගත් රණවිරුවන් 3744 ක් වෙත රෙජිමේන්තුවේ ගෞරවනීය උත්තමාචාරය පුදකිරීම වෙනුවෙන් මෙම සැමරුම සංවිධානය කර තිබුණි. යුද්ධ හමුදාවේ අභිමානය හා ජීවගුණය ආරක්ෂා කරමින් විචිත්‍රවත් ලෙස සිදුකෙරුනු මෙම රණවිරු සැමරුම් උළලේදී යුද්ධ හමුදාධිපති තුමන් හා රෙජිමේන්තු අධිපති ප්‍රමුඛ අනෙකුත් ජ්‍යේෂ්ඨ නිලධාරීන් ඇතුළු මියගිය රණවිරුවන්ගේ ඥාතීන් විසින් මාතෘභූමිය හා වෘත්තිය අභිමානය පෙරටු කරගනිමින් අද්විතීය ජාතික මෙහෙවරක් ඉටුකර ශ්‍රේෂ්ඨත්වයට පත් එම වීරෝදාර රණවිරුවන් වෙත පුෂ්පෝපහාරය පුදකරන ලදී.
සංවත්සර දින සන්ධ්‍යාවේදී මියගිය රණවිරුවන් වෙත පුණ්‍යානුමෝදනා සිදුකිරීම වෙනුවෙන් විචිත්‍රවත් ආලෝකධාරා මධ්‍යයේ සංස්කෘතික අංග ඇතුළත් අලංකාරවත් පෙරහැරක් මගින් සධාතුක කරඬුව වැඩම කරවා සර්වරාත්‍රික පිරිත් සජ්ඣායනයක් පැවැත්වූ අතර, එහිදී රෙජිමේන්තු හා බළඇණි වර්ණ ධජ වෙත ආශිර්වාදය පුදකර පසුදින සංඝයා වහන්සේලා වෙත සංඝගත දක්ෂිණාවක් පිරිනැමීමෙන් අනතුරුව 2025 රණවිරු සැමරුම් උත්සව මාලාවේ සියලූ වැඩකටයුතු සාර්ථකව සමාප්තියට පත්කෙරිණි.