Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

01st November 2025 11:00:40 Hours

144 වන රෙජිමේන්තු සංවත්සරයට සමගාමීව මියගිය වීරෝදාර රණවිරුවන් වෙනුවෙන් කැලණි රජමහා විහාරයේ දී පිංකම් මාලාවක්

144 වන රෙජිමේන්තු සංවත්සර දිනයට සමගාමීව ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් වයිඒබීඑම් යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ජ්‍යේෂ්ඨ නිලධාරී හා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනී දර්ශනී යහම්පත් මැතිණියගේ උදාරතර සංකල්පයකට අනුව 30 වසරක ශාපලත් යුද්ධය ශ්‍රි ලංකාද්වීපයෙන් මුලිනුපුටා දමා ත්‍රස්තවාදය තුරන් කර රටට තිරසාර සාමය උදාකරලීමේ ක්‍රියාන්විතයන්හිදී රටදැය වෙනුවෙන් තම ජීවිතදානය පුදකළ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවට අයත් වීරෝදාර රණවිරුවන්හට නිවන් සුව ප්‍රාර්ථනා කිරිම හා රණක්‍ෂිතයට පත් නේවාසිකව ප්‍රථිකාර ලබන රණවිරුවන් හට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කිරීමත් ඔවුන්ගේ පවුලේ ඥාතින්හට හා දැනට සේවයේ යෙදි සිටින රෙජිමේන්තු අධිපති ඇතුලු සියළුම නිලධාරින් / සෙසුනිලයින් මෙන්ම සිවිල් සේවක මහතුන් හා ඔවුන්ගේ පවුල් වල සියලුම අයවලුන් හට නිරෝගී සුවය ප්‍රාර්ථනාකර සෙත් පැතීම සඳහා බෝ මලුවේ සුදු වැලි ඇතිරීමෙන් අනතුරුව බෝධි පුජා පිංකමක් 2025 ක් වූ ඔක්තෝබර් මස 18 වන දින කැලණි රජමහා විහාරය කේන්ද්‍ර කර ගනිමින් සිදුකරන ලදී.

මෙම ආගමික වැඩසටහන සඳහා යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති තුමන්, සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිතුමිය ඇතුලු එහි ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන් හා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක ඇතුළු මාණ්ඩලික නිලධාරීන් සහභාගී වු අතර, පිංකම සංවිධානය කිරීම 2 (ස්වේ) ශ්‍රීලපාහ ඒකකයේ අණදෙන නිලධාරි / නිලධාරින් සහ සෙසුනිලයින්ගේ ශ්‍රම දායකත්වයෙන් සිදු කරන ලදී.