Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

25th September 2025 16:33:12 Hours

සේවා වනිතා ශාඛාව මගින් 2023 වර්ෂයේ 5 වසර ශිෂ්‍යත්ව විභාගය සමතුන් හට පාසල් උපකරණ බෙදාදීම........

යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි හා ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් වයිඒබීඑම් යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ හා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනී දර්ශනී යහම්පත් මැතිනියගේ උපදෙස් හා මඟ පෙන්වීම මත 2025.09.19 වන දින මෙම රෙජිමේන්තුවට අයත් සේවයේ නියුතු හා දැනට විශ්‍රාම ගොස් සිටින නිලධාරි / සෙසුනිල හා සිවිල් සේවක මහතුන්ගේ 2023 වර්ෂයේ 5 වසර ශීෂ්‍යත්ව විභාගයෙන් සමත් දු දරුවන් 50 දෙනෙකු වෙනුවෙන් පාසල් උපකරණ හා ත්‍යාග වවුචර්පත් බෙදාදීමේ වැඩසටහනක් සිදු කරන ලදී.

හෙට දින අනාගතය භාරගැනීමට සූදානමින් සිටින දරුවන් වෙනුවෙන් ඔවුන්ගේ අනාගත බලාපොරොත්තු සපල කර ගැනීම සඳහා අත්වැලක් වෙමින් ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ සම්බන්ධීකරණය මත හිමෙත් මෙන්ඩිස් මහතා සහ දිසත් මෙන්ඩිස් යන මහත්වරුන්ගේ මෙන්ම මෙම සේවා වනිතා ශාඛාවේ මූල්‍යමය දායකත්වය මත මෙම වැඩසටහන ක්‍රියාත්මක කළ අතර, එම අවස්ථාව සඳහා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිතුමිය ඇතුළු ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්, පරිත්‍යාගශීලීන් සහ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහභාගී විය.