Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

25th September 2025 16:28:53 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි හා ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපතිගේ 20 ශ්‍රීලපාහ බළඇණි සංචාරය

ශ්‍රී ලංකා යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි හා ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් වයිඒබිඑම් යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ජ්‍යේෂ්ඨ නිලධාරී සම්ප්‍රදානුකුලව සිදුකරනු ලබන බළඇණි සංචාරයන්හි තවත් පියවරක් සනිටුහන් කරමින් 2025.09.12 වෙනි දින 20 ශ්‍රීලපාහ බළඇණියේ නිරීක්ෂණ සංචාරයක නිරත විය.

අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් සීඑස්කේ රාජසිංහ ආර්එස්පී ශ්‍රිලපාහ ජ්‍යේෂ්ඨ නිලධාරි විසින් තම බළඇණියට සපැමිණි රෙජිමේන්තු අධිපතිතුමන් ඉතාමත් ගෞරවාන්විතව පිලිගන්නා ලදී.

අනතුරුව රෙජිමේන්තු අධිපතිතුමන් විසින් දේශණයක් පැවැත්වූ අතර, එහි මූලික අරමුණ වූයේ සෙබළ විනය පවත්වාගැනීම සබැඳිව සියලුම අයවලුන් දැනුවත් කිරීමයි. සෙබළෙකුගේ රාජකාරිය විහිදී ඇති වපසරිය සහ ඔවුන් ක්‍රියා කලයුතු ආකාරය, මත්ද්‍රව්‍ය භාවිතයේ අනිසි විපාක තුළින් තම පවුලට සහ රැකියාවට එල්ලවන තර්ජන බලපෑම් පිළිබඳවද, සමාජ මාධ්‍යජාලා නිසිලෙස භාවිතා නොකිරීමේ ප්‍රතිවිපාක, අන්තර්ජාල සූදූ ක්‍රීඩා සඳහා යොමු නොවී විනයගරුක සෙබළෙකු වශයෙන් තමන්ගේ මාසික වේතනය නිවැරදිව කළමණාකරණය කර ගන්නා ආකාරය, තම දෙමාපියන්ට සැලකීමේ ඇති වැඳගත්කම හා එහි ආදීනව ද ඉතා මැනැවින් මෙම දේශනයේදී පහදා දෙන ලදී. තවද, යුද හමුදාවේ ගෞරවයට හා කිර්තිනාමයට හානිවන කිසිදු ක්‍රියාවක් කුමන අයුරකින්වත් සිදුනොකිරීම මෙන්ම “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩපිළිවෙල සඳහා තම පූර්ණ දායකත්වය ලබාදියයුතු බැව් හා යුද්ධ හමුදාවේ වෘත්තීය නිපුණත්වයෙන් හෙබි සෙබළෙකුවීමේ වටිනාකම අවබෝධ කරදී, බළඇණියේ සියලු නිලධාරීන්ට හා සෙසු නිලයින් හට ඔවුන්ගේ ඉදිරි අනාගතයට සුබ පැතුම් එක් කරන ලදී.‍

මෙම සංචාරය සඳහා රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක ප්‍රමුඛ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මාණ්ඩලික නිලධාරීන් සහභාගී වූහ.