Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

19th September 2025 21:22:10 Hours

සේවා වනිතා සෙසුනිල නිවාඩු නිකේතනයට මුල්ගල් තැබූ වගයි.....

යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් වයිඒබීඑම් යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ හා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනී දර්ශනී යහම්පත් මැතිනියගේ උපදෙස් හා මඟ පෙන්වීම මත මහනුවර පල්ලේකැලේ ප්‍ර ‍දේශයේ පිහිටා ඇති ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවට අයත් 5 (ස්වේ) ශ්‍රීලපාහ ඒකක කඳවුරු පරිශ්‍රය තුල සෙසුනිල නිවාඩු නිකේතනයක් මෙම රෙජිම සේවා වනිතා ශාඛාව වෙතින් මූල්‍යමය දායකත්වයෙන් සහ රෙජිමේන්තු මධ්‍යස්ථාන ශ්‍රම දායකත්වය මත ඉදිකිරීමට නියමිතව ඇත.

ඒ අනුව 2025.09.11 වන දින 1010 පැයට යෙදුන සුභ මොහොතින් රෙජිමේන්තු අධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් මුල්ගල් තබා එහි වැඩ කටයුතු ආරම්භ කල අතර, ඒ සඳහා රෙජිමේන්තු අධිපතිතුමන් හා ගරු සභාපතිනිය ඇතුළු ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්ද, රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායකතුමන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහභාගී වන ලදී.