05th September 2025 07:16:21 Hours
අභිමානවත් ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ උන්නතිය උදෙසා මෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අභිවෘධිය උදෙසා පුරා වසර 33 කට අධික කාලයක් තම විශිෂ්ඨ සේවය ලබාදෙමින් මේජර් ජෙනරාල් නිලයට අභිනවයෙන් උසස්වීම් ලබා වර්ෂ 2025 ක් වූ සැප්තැම්බර් මස 04 වන දින තම මව් රෙජිමේන්තුව වෙත සපැමිණි මේජර් ජෙනරාල් එස්ඒයූඒ සෝලංගආරච්චි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ජ්‍යේෂ්ඨ නිලධාරී වෙත සම්ප්‍රදායානුකූලව කඳවුරු මුරයක් හා අභිමානවත් සම්මාන මුරයක් පිරිනමනු ලැබීය
මියගිය රණවිරුවන් සිහි කිරීම සඳහා රණවිරු ස්මාරකය වෙත ගොස් පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව පැමිණ සිටි සියලුම නිලධාරීන් සමඟ සමූහ ඡායාරූපයකට පෙනී සිටින ලදී. මෙම ජ්‍යේෂ්ඨ නිලධාරී විසින් භට පිරිස් අමතමින් ඉතාමත් කාලෝචිත දේශනයක් සිදුකිරීමෙන් අනතුරුව කොනොනි සමාජ ශාලාවේ පැවැති තේ පැන් සංග්‍රහයට සහභාගීවී සියලුම නිලයින් සමඟ සුහද පිළිසඳරක නියැලෙන ලදී.
මේජර් ජෙනරාල් එස්ඒයූඒ සෝලංගආරච්චි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ජ්‍යේෂඨ නිලධාරී 1992 වර්ෂයේ ජූලි මස 24 වෙනි දින කෙඩෙට් නිලධාරියෙකු ලෙස යුද්ධ හමුදාව වෙත බැදී තම මුලික යුද පුහුණුව දියතලාව යුද්ධ හමුදා විද්‍යාපීඨය වෙතින් පාඨමාලා අංක 38 යටතේ සාර්ථකව නිම කිරිමෙන් අනතුරුව වර්ෂ 1994 අප්‍රේල් මස 09 වන දින දෙවන ලුතිතන්වරයෙකු ලෙස අධිකාරියට පත්ව ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ 1 වන බළඇණිය වෙත ඛණ්ඩභාර නිලධාරියෙකු ලෙස අනුයුක්ත කර ඇත. ඉන් පසු එම ඒකකයෙහි මෙන්ම 7 සහ 12 ශ්‍රීලපාහ බළඇණිවල කණ්ඩායම්භාර නිලධාරී අණදෙන ලෙස රාජකාරී කළ අතර, පසුව තම රාජකාරී දිවියේ අත්දැකීම් එකතුකර ගනිමින් 6 ශ්‍රීලපාහ බළඇණියේ දෙවන අණදෙන නිලධාරී තනතුර හා 8 වන බළඇණිය ශ්‍රි ලංකා පාබළ හමුදාවෙහි අණදෙන නිලධාරී ධූරය හොබවන ලදී.
අණ, මාණ්ඩලික හා උපදේශක නිලධාරියෙකු ලෙස යුද්ධ හමුදාව තුළ විවිධ තනතුරු හොබවා ඇති මෙම ජ්‍යේෂ්ඨ නිලධාරී, මාණ්ඩලික නිලධාරී 3 (පාලන) - රෙම ශ්‍රීලපාහ, උපදේශක නිලධාරී - යුද්ධ හමුදා විද්‍යාපීඨය දියතලාව, උපදේශක නිලධාරි - යුද්ධ හමුදා පුහුණු පාසල මාදුරුඔය, නිලධාරි අණදෙන - අණ හා පාලන කණ්ඩායම රෙම ශ්‍රීලපාහ, ප්‍රධාන මාණ්ඩලික නිලධාරී 2 (ක්‍රියා) - ආරකෂක සේනා මුලස්ථානය (යාපනය), ප්‍රධාන මාණ්ඩලික නිලධාරී 2 (ක්‍රියා) - 22 වන පාබල සේනාංක මුලස්ථානය, ප්‍රධාන මාණ්ඩලික නිලධාරී 2 (ක්‍රියා) - 53 වන පාබල සේනාංක මුලස්ථානය, ප්‍රධාන මාණ්ඩලික නිලධාරී 1 (ක්‍රියා) - ආරක‍්ෂක සේනා මුලස්ථානය (බටහිර), මාණ්ඩලික නිලධාරී 1 (පාලන) - රෙජිමේන්තු මධ්‍යස්ථානය ශ්‍රී ලංකා පාබල හමුදාව, මාණ්ඩලික නිලධාරී 1 (පාලන) - පිරිස් පාලන අධ්‍යක‍්ෂ මණ්ඩලය යුහමූ, ප්‍රධාන මාණ්ඩලික නිලධාරී 1 (ක්‍රියා) - ආරක‍්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම), කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී - ආරක‍්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම), අණදෙන නිලධාරී - යුද්ධ හමුදා පුහුණු පාසල මාදුරුඔය, බලසේනාධිපති - 221 පාබළ බලසේනාව, බලසේනාධිපති - 242 පාබළ බලසේනාව, බ්‍රිගේඩියර් පුහුණු සංකල්ප සහ අධීක්ෂණ - පසුමුඅම යුහමූ, නියෝජ්‍ය සේනාවිධායක - යුද්ධ හමුදා යුද විද්‍යාලය බුත්තල, අධ්‍යක‍්ෂක - සැලසුම් අධ්‍යක‍්ෂ මණ්ඩලය යුහමූ, බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී - ආරක‍්ෂක සේනා මුලස්ථානය (නැගෙනහිර) වැනි සුවිශේෂී තනතුරු හොබවා ඇති අතර, මේ වන විට 22 පාබල සේනාංකයේ නියෝජ්‍ය සේනාංකාධිපති ලෙස කටයුතු කරනු ලබයි.
තම වෘත්තීය දැනුම වර්ධනය කරගැනීම වෙනුවෙන් දේශීය හා විදේශීය පාඨමාලාවන් රැසක් හදාරා ඇති මෙම ජ්‍යේෂ්ඨ නිලධාරී දේශීය පාඨමාලා වශයෙන් බළඇණි ආධාරක අවි පාඨමාලාව - පාබල පුහුණු මධ්‍යස්ථානය මින්නේරිය, මුලික පැරෂුටි පාඨමාලාව, පරිගණක පාඨමාලාව - කොතලාවල ආරකෂක විශ්ව විද්‍යාලය, අණ හා මාණ්ඩලික නිලධාරී පාඨමාලාව - ආරකෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලය, සම්භාව්‍ය නිරීක්ෂණ සහ මාණ්ඩලික නිලධාරී පාඨමාලාව, පුහුණුකරුවන් පුහුණු කිරීමේ පාඨමාලාව, සන්නද්ධ යුද නීතිය හා ගැටුම් කලමනාකරණය පිළිබද පාඨමාලාව යන පාඨමාලා හදාරා ඇත.
තවද මෙම ජ්‍යේෂ්ඨ නිලධාරී විසින් හදාරා ඇති විදේශීය පාඨමාලාවන් වශයෙන්, තරුණ නිලධාරී පාඨමාලාව - ඉන්දියාව, කණිෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලාව - ඉන්දියාව, ජ්‍යේෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලාව - ඉන්දියාව, ජාතික ආරක්ෂාව පිළිබද පාඨමාලාව - ඉන්දියාව යන පාඨමාලාවන් හැදෑරීම මෙන්ම තම වෘත්තීය දැනුම හා කුසලතා වර්ධනය කරගනුවස් අනෙකුත් පාඨමාලා හා උපාධි ලෙස, භූගෝලීය තොරතුරු පද්ධති යෙදවුමි පිළිබද පාඨමාලව - පේරාදෙණිය විශ්ව විද්‍යාලය, සේවා කළමණාකරණය පිළිබඳ විධායක ඩිප්ලෝමාව - කොළඹ විශ්වවිද්‍යාලය, රාජ්‍ය පරිපාලනය පිළිබද ශ්‍රාස්ත්‍රපති උපාධිය - ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, ජ්‍යේෂ්ඨ ආරක්ෂක කළමනාකරණ ඩිප්ලෝමාව - දේවි අහිල්යා විශ්ව විද්‍යාලය ඉන්දූර්, උපායමාර්ගික නායකත්වය සහ රාජ්‍ය ප්‍රථිපත්ති හා ව්‍යාපාර පරිපාලනය පිළිබද විධායක ශ්‍රාස්ත්‍රපති උපාධිය - ඉන්දීය තාක්ෂණ ආයතනය මදුරාසිය ආදී පාඨමාලා සහ උපාධි විශේෂයෙන් සඳහන් කළ හැකිය.
මෙම ජ්‍යේෂ්ඨ නිලධාරී යුද්ධ හමුදා ක්‍රීඩා කටයුතු සංවර්ධනයට සුවිශේෂී දායකත්වයක් ලබාදී ඇති අතර, එතුමන් මේ වන විට ශ්‍රී ලංකා පාබල හමුදා මලල ක්‍රීඩා කමිටුවේ සභාපති ධූරය දරමින් පාබල හමුදා ක්‍රීඩා කටයුතු නගාසිටුවීම සඳහා අනභිභවනීය සේවයක් සිදුකරනු ලබයි.
1994 වර්ෂයේ සිට වන්නි මානුෂීය මෙහෙයුම දක්වා යුද්ධ හමුදාව විසින් දියත්කළ සියලුම ක්‍රියාන්විතයන් සඳහා තම සක්‍රීය දායකත්වය ලබාදී ඇති මෙම ජ්‍යේෂ්ඨ නිලධාරී සහභාගී වූ මෙහෙයුම් අතර, අකුණු පහර, සත්ජය, රිවිරැස අධියර 1,2,3, ජයසිකුරු අධියර 1,2,3,4, රණගොස, වෝටර් ෂෙඩ්, රිවිකිරණ, කිනිහිර හා අග්නිකීල ආදී මෙහෙයුම් විශේෂයෙන් සඳහන් කළ හැක. 1999 වර්ෂයේ වෙඩිතලතිවි ප්‍රදේශයේදී ත්‍රස්ථවාදීන් විසින් එල්ල කරන ලද මෝටාර් හා සුලු අවි ප්‍රහාරයන්ට ලක්ව ඉතා බරපතල ලෙස තුවාල ලබා දේශය වෙනුවෙන් තම කාය දානයෙන්ද දායකත්වය ලබාදී ඇති ජ්‍යේෂ්ඨ නිලධාරියෙකි.
ක්‍රියාන්විතයන්හි ප්‍රදර්ශනය කරන ලද වික්‍රමාන්විත රණකාමීත්වය ඇගයීම වස් මෙතුමන් රණශූර පදක්කමින් සහ දේශපුත්‍ර සම්මානයෙන් පිදුම් ලබා ඇති අතර, මෙතුමන්ගේ දේශීය විදේශීය සේවාවන් ඇගයීම වස් ප්‍රදානය කරන ලද අනෙකුත් පදක්කම් 13 කින් පිදුම් ලබා ඇති පරිණත ජ්‍යේෂ්ඨ නිලධාරියෙකි.
මෙම අභිමානවත් උත්සවය යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි හා ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් වයිඒබීඑම් යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ජ්‍යේෂ්ඨ නිලධාරීගේ උපදෙස් හා මඟපෙන්වීම මත රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායකගේ පූර්ණ අධීක්ෂණය යටතේ සිදු වූ අතර, මෙම අවස්ථාව සඳහා රෙජිමේන්තු මහා කාරක සභාවේ ජ්‍යේෂ්ඨ නිලධාරීන්, ජ්‍යේෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ රෙජිමේන්තු සැරයන් මේජර් ඇතුළු සියලුම සෙසු නිලයින් සහභාගී විය.