28th July 2025 21:08:47 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 47 වන නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි හා ශ්‍රී ලංකා පාබල හමුදා 18 වන රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් වයිඒබිඑම් යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයු පිඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් රෙජිමේන්තු අධිපති තනතුරේ රාජකාරි භාර ගැනීමෙන් පසු සම්ප්‍රදානුකුලව සිදුකරනු ලබන ඒකක සංචාරයන්හි තවත් පියවරක් වශයෙන් පාලිනගර් ප්‍රදේශයෙහි ස්ථානගත 10 වන ශ්‍රී ලංකා පාබල හමුදාව වෙත 2025 ජුලි මස 26 දින සංචාරය සිදුකරන ලදි. එතුමන් ඒකක අණදෙන නිලධාරි වන ලුතිතන් කර්නල් ඩිඑන්ටි ද සොයිසා ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ශ්‍රීලපාහ ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් හා සියලු නිලයින් විසින් ඉතා උණුසුම් අන්දමින් පිලිගන්නා ලදි.
අනතුරුව ඒකක අණදෙන නිලධාරි තුමන් විසින් ඒකකයේ රාජකාරි හා වගකීම් පිළිබඳව විස්තරාත්මක පැහැදිලි කිරීමක් සිදු කරනු ලද අතර, රෙජිමේන්තු අධිපතිතුමන් විසින් ඒකකයේ දේශණ ශාලාවේදී සියලුම නිළයින් අමතා යුද්ධ හමුදාවේ සෙබලුන්ගේ විනය පිලිබදව ඉතාමත් හරවත් දේශනයක් සිදුකර ලදි.මෙහිදි ඒකක සංචාරය සිහිවීම පිණිස අණදෙන නිලධාරි තුමන් විසින් සමරු තිළිනයක් ද පිලිගැන්වූ අතර, ඉන් පසුව මෙම සංචාරය සනිටුහන් කිරිම වස් සුදු සඳුන් පැලයක් රෝපණය කරන ලදි. අනතුරුව සමස්ථ කඳවුරම ආවරනය වන පරිදි නිරික්‍ෂණ චාරිකාවක් සිදු කරන ලදි.
ඉන් පසු දිවා භෝජන සංග්‍රහයට සහභාගි වීමෙන් අනතුරුව විශේෂ අමුත්තන්ගේ සටහන් පොතෙහි සමරු සටහනක් තබා බළඇණියේ ඉදිරි අභිවෘද්ධිය වෙනුවෙන් සුභ ප්‍රාර්ථනා කර ඒකකයෙන් නික්මයන ලදි.
මෙම සංචාරය සඳහා ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඩබ්ලිව්කේඑස්ටිඑම්ආර්ඒබි දොඩම්වල පීඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් සහ රෙජිමේන්තු ප්‍රමානි 1 (ක්‍රියා) ලුතිනල් කර්නල් ඩිකේ කළුවාදේව ආර්එස්පී ශ්‍රීලපාහ ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ද එකතු විය.