Skip to main content
Header Sinhala
ශ්‍රී ලංකා පාබල හමුදාව
සේවය කරමි
ENGLISH
සිංහල
Toggle navigation
මුල් පිටුව
පත්වීම්
රෙජිමේන්තු අධිපති
රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක
රෙජිමේන්තු සැරයන් මේජර්
ඉතිහාසය
රෙජිමේන්තු ඉතිහාසය
හිටපු රෙජිමේන්තු අධිපතිවරුන්
හිටපු රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායකවරුන්
සංවිධානය
නිත්‍ය ඒකක
ස්වේච්ඡා ඒකක
රෙජිමුබ
සඟරාව
ක්‍රීඩා සහ මලල ක්‍රීඩා
මාධ්‍ය එකතුව
රූප එකතුව
අමතන්න
රෙජිමේන්තු අධිපති
රෙජිමේන්තු මධ්‍යස්ථානය
රෙජිමේන්තු
23rd July 2025 12:15:40 Hours
රෙම ශ්‍රීලපාහ සේවා වනිතා ශාඛාවේ මාසික සභාරැස්වීමට සමගාමීව සෙබල සුභසාධනය සබැඳි ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ විශේෂ සාකච්ඡාව...
යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි හා ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් වයිඒබීඑම් යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ මඟ පෙන්වීම යටතේ හා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනී දර්ශනී යහම්පත් මැතිනියගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ මාසික සභා රැස්වීම සහ සෙබළුන්ගේ ඉදිරි සුභසාධන කටයුතු පිළිබඳ විශේෂ සාකච්ඡාවක් 2025.07.19 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථාන නිලධාරි නිවස්නයේදී පවත්වන ලදී. මෙම අවස්ථාව සඳහා රෙජිමේන්තුවට අයත් සියළුම ඒකක නියෝජනය වන පරිදි අණදෙන නිලධාරි වරුන්ගේ භාර්යාවන් සහ කමිටුවේ සාමාජිකාවන් එක්වු අතර, මෙහිදී ශ්‍රීලපාහ රෙජිමේන්තුවට අයත් සෙසුනිලයින් / සිවිල් සේවක මහතුන්ගේ සුභසාධනය වෙනුවෙන් ගතහැකි ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ අදහස් හා යෝජනා සබැඳිව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තීරණයන්ට එළඹෙන ලදී. එයට සමඟාමීව සේවා වනිතා ශාඛාව වෙතින් නික්ම ගිය උප සභාපතිනිය ඇතුළු ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන් වෙනුවෙන් සමුගැනීමේ සාදයක්ද නිලධාරි නිවස්නය තුල පවත්වන ලද අතර, ඒ සඳහා සේවා වනිතා ශාඛාවේ වත්මන් සභාපතිනිය ඇතුළු ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන් සහභාගි වන ලදී.