21st June 2025 11:42:14 Hours
ශ්රී බුද්ධ වර්ෂ 236 දී පොසොන් පුන් පොහෝ දිනක මිහිඳු මහරහතන් වහන්සේ ප‍්‍රමුඛ ධර්ම දූත පිරිසේ ලංකාගමනය සිදු විය. ඒ තැන් සිට නිර්මල බුදු දහම පදනම්ව සම්බුද්ධ ශාසනයේ චිරස්ථායී දියුණුව හා නව බෞද්ධ ප‍්‍රබෝධයක් ඇති විය. මෙම සුවිශේෂී ඓතිහාසික දිනය සිහිපත් කරගනිමින් එයට සමගාමීව ආඥාපති ආසේමු (යාපනය) හා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් වයිඒබීඑම් යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ උපදෙස් හා මගපෙන්වීම මත සේවාවනිතා ශාඛාවේ ගරු සභාපතිනි දර්ශනි යහම්පත් මැතිනියගේ ප්‍රධානත්වයෙන් මඤ්ඤොක්කා දන්සලක් පවත්වන ලදී.
මෙවර සේවාවනිතා මඤ්ඤොක්කා දන්සල 2025.06.10 වන දින පාබල හමුදා සිල්වර් බියුගල් ආපන ශාලාව අසල දී පවත්වන ලද අතර, සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනිය විසින් පස්වරු 1500 පැයේ සිට දන්සල මහජනතාව වෙත විවෘත කරන ලදී.
මෙම අවස්ථාව සඳහා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක මෙන්ම සේවාවනිතා ශාඛාවේ සාමාජිකාවන්, පාබල හමුදා රෙජිමේන්තුවේ මාණ්ඩලික නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් සහභාගී වූ අතර, ප්‍රදේශය අවට සහ පිටපළාත් වලින් පොසොන් සිරි නැරඹීම සඳහා පැමිණි විශාල ජනතාවක් බැති සිතින් මේ සඳහා සහභාගී විය. තවද මෙම කාර්ය සාර්ථක කරගැනීම සඳහා රෙම ශ්‍රීලපාහ බළඇණිවලින් ලබාදුන් සුවිශේෂී දායකත්වය මෙහිලා විශේෂයෙන් සඳහන් කළ යුතුය.