13th June 2025 11:20:35 Hours
ලොව්තුරා සම්බුදු රජාණන් වහන්සේගේ සම්බුද්ධ පණිවුඩය රැගෙන පොසොන් පුන් පොහෝ දිනක මිහිඳු මහරහතන් වහන්සේ ප‍්‍රමුඛ ධර්ම දූත පිරිසේ ලංකාගමනය සිදු විය. එතැන් සිට නිර්මල බුදු දහම පදනම්ව සම්බුද්ධ ශාසනයේ ඇතිවූ චිරස්ථායී දියුණුව හා නව බෞද්ධ ප‍්‍රබෝධයෙන් ලංකාවාසීන් මිත්‍යා මතවලින් මිදී සැබෑ ලෝකය දකින මනසින් උසස් ඇත්තන් වූහ.
එම පින්බර පොසොන් පුන් පොහෝ දිනය සිහිපත් කරමින් එයට සමගාමීව ආඥාපති ආසේමු (යාපනය) හා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් වයිඒබීඑම් යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ හා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනි දර්ශනී යහම්පත් මැතිනියගේ පිංබර සංකල්පයකට අනුව, කොළඹ 07 ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානය හා වෑඋඩ දොඩම්තලාව ධම්මගිරි ආරණ්‍ය සේනාසනාධිපති කම්මට්ඨානාචාර්ය, විනයාචාර්ය විද්‍යාවේදී උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේ වැඩමවීමෙන් 2025 ක් වූ ජුනි මස 06 ක් වන දින මෙම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදි ධර්මදේශනයක් පවත්වන ලදී.
මෙම සුමධුර ධර්මදේශනාව ශ්‍රවනය කිරීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සේවයේ නියුතු ජ්‍යේෂ්ඨ නිලධාරීන් මෙන්ම ශ්‍රීලපාහ සේවාවනිතා ශාඛාවේ ගරු සභාපතිනිය ඇතුළු හිටපු ගරු සභාපතිනියන්, ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන් හා ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ යුද්ධ හමුදා ජනපදයට අයත් අනෙකුත් රෙජිමේන්තු හා ආයතන වලට අයත් සෙසුනිලයින් සහ නිලධාරි / සෙසුනිලයින්ගේ පවුලේ ඥාතින්ගේ සහභාගීත්වයෙන් සිදු විය.