25th April 2025 11:50:23 Hours
ආඥාපති ආසේමු (යාපනය) හා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් වයිඒබීඑම් යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ජ්‍යේෂ්ඨ නිලධාරීගේ හා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනි දර්ශනී යහම්පත් මැතිනියගේ උපදෙස් හා මඟ පෙන්වීම මත අර්ධ නිවාස ආධාර ලබා දීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරමින් පවතී.
යුද හමුදා සක්‍රීය සේවයේ යෙදී සිටින තම නිවස ඉදිකර ගැනීමේ කටයුතු අවසන් කර නොමැති රණවිරුවන් වෙනුවෙන් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක වන අතර, එහි දෙවන අධියර යටතේ තෝරාගත් රණවිරුවන් අතුරින් 19 ශ්‍රීලපාහ ඒකකයට අයත් සෙ/330818 ලාකෝ හර්ෂණ ටිකේඑම් යන රණවිරුවාගේ නිවස සේවා වනිතා ශාඛාවේ මුල්‍යමය දායකත්වයෙන් හා 19 ශ්‍රීලපාහ ඒකකයේ රණවිරුවන්ගේ ශ්‍රම දායකත්වයෙන් ඉදිකිරිම් කටයුතු අවසන් කර 2025.04.21 වන දින 1043 පැයට යෙදුන සුභ මොහොතින් සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනිය ඇතුළු ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන් හා නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක / ඒකක අණදෙන නිලධාරිගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන ලදි.