Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

23rd April 2025 12:15:17 Hours

සේවාවනිතා කාර්යාලීය රාජකාරියේ නියුතු සෙබළුන් වෙත අලුත් අවුරුදු ත්‍යාග පිරිනමයි

ආඥාපති ආරක්‍ෂක සේනා මූලස්ථානය (යාපනය) සහ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් වයිඒබීඑම් යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ උපදේශකත්වය හා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනී දර්ශනී යහම්පත් මැතිනියගේ මගපෙන්වීම මත සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් සේවා වනිතා කාර්යාලීය රාජකාරියේ නියුතු සෙබළුන් වෙත ත්‍යාග පිරිනැමීමේ උත්සවයක් 2025.04.11 වන දින පවත්වන ලදී.

ශ්‍රීලපාහ සේවා වනිතා ශාඛාව යටතේ පවත්වාගෙන යනු ලබන සුභසාධන ආයතනයන්හි අභිවෘද්ධිය උදෙසා දිවා රැ නොබලා තම රාජකාරි කටයුතු සිදුකරනු ලබන පාබල හමුදා සෙබළුන්ගේ සේවය ඇගයීම වස් අලුත් අවුරුදු ත්‍යාග පිරිනැමීම සිදුකළ අතර, සේවා වනිතා ගරු සභාපතිනිය ප්‍රමුඛ එහි ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන් සහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩලයේ සියළුම සාමාජිකයින් මේ සඳහා සහභාගී විය.

තවද, මෙම අවස්ථාවට සමගාමීව මොරටුව විශ්ව විද්‍යාලයේ වෘත්තීය තාක්‍ෂණික පාඨමාලාවක් හදුරනු ලබන රෙජිමේන්තු මධ්‍යස්ථානයේ රාජකාරියේ නියුතු සිවිල් සේවක මහතෙකුගේ පුතෙකු වෙත ඔහුගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සාර්ථක කරගැනීම වෙනුවෙන් ලැප්ටොප් පරිගණක යන්ත්‍රයක් මිළදි ගැනීම සඳහා මුල්‍යාධාරයක් පිරිනැමීම ද සිදුකරන ලදී.