08th April 2025 18:37:03 Hours
පාබල හමුදා රෙජිමේන්තුවට අයත් බ්‍රිගෙඩියර් එච්වීඒ සෝමවීර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ජ්‍යේෂ්ඨ නිලධාරී විශ්‍රාම යාම නිමිත්තෙන් ගෞරවාචාරය පුදකිරීමේ උත්සවයක් 2025 අප්‍රේල් මස 07 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පවත්වන ලදී.
මෙම ජ්‍යේෂ්ඨ නිලධාරී තම සේවාකාලය තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවල අණ, මාණ්ඩලික හා උපදේශක තනතුරු රැසක් හොබවමින් එතුමන්ගේ විශිෂ්ට සේවය යුද්ධ හමුදාව වෙත ලබාදී ඇත. රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රයට සපැමිණි එතුමන්හට යුද හමුදා සම්ප්‍රදායානුකූලව කඳවුරු මුරයක් හා අභිමානවත් සම්මාන පෙළපාලියක් පිරිනමන ලදී. පාබල හමුදා රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දක්වා දේශයේ උන්නතිය වෙනුවෙන් ජීවිතය පුද කළ අභීත රණවිරුවන් වෙනුවෙන් තම කෘතවේදීත්වය පිරිනැමීමෙන් අනතුරුව රෙජිමේන්තු මධ්‍යස්ථානය අභියසදී සියලුම නිලධාරීන් සමග සමූහ ඡායාරූපයකට පෙනී සිටීමෙන් අනතුරුව කොනොනි සමාජශාලාව තුළ පිළියෙල කරන ලද සියලු නිල තේපැන් සංග්‍රහයට සහභාගී වී තම සහෝදර නිලධාරීන් හා සෙසුනිලයන් සමග සුහද පිළිසඳරක නියැලෙන ලදී.
මෙම උත්සවය සඳහා පාබල හමුදාවට අයත් ජ්‍යේෂ්ඨ නිලධාරීන්, මධ්‍යස්ථාන සේනාවිධායක, නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක ඇතුළු මාණ්ඩලික නිලධාරින්, නිලධාරින් සහ රෙජිමේන්තු සැරයන් මේජර් ප්‍රමුඛ සෙසුනිලයින් රැසක් සහභාගී වූහ.
බ්‍රිගෙඩියර් එච්වීඒ සෝමවීර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ජ්‍යේෂ්ඨ නිලධාරීතුමනි, ඔබගේ විශ්‍රාම දිවිය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි, ආරක්ෂක සේනා ආඥාපති (යාපනය) සහ ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් වයිඒබීඑම් යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ජ්‍යේෂ්ඨ නිලධාරී ඇතුළු රෙජිමේන්තුවට අයත් සියලුම නිලයින්ගේ සුබාශිංසන මෙසේ පිරිනමන්නෙමු.