Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

27th March 2025 18:07:19 Hours

රෙම ශ්‍රීලපාහ සේවා වනිතා ශාඛාවේ වාර්ෂික මහා සභාව සහ ලෝක කාන්තා දිනයට සමගාමී වැඩසටහන් මාලාවක්...

ආඥාපති ආසේමූ (යාපනය) හා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් වයිඒබීඑම් යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ අනුශාසකත්වයෙන් හා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනි දර්ශනී යහම්පත් මැතිනියගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ වාර්ෂික මහාසභා රැස්වීම සහ ලෝක කාන්තා දිනයට සමගාමී වැඩසටහනක් 2025.03.16 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී පවත්වන ලදී.

සේවා වනිතා ශාඛාවේ වාර්ෂික මහාසභා රැස්වීම සාමාජිකාවන් 150 ක පමණ සහභාගීත්වයෙන් රෙම ශ්‍රීලපාහ දේශණශාලාවේදි පැවැත්වු අතර එහිදි 2025 වර්ෂය සඳහා නව කමිටු සමාජිකාවන් පත්කර ගන්නා ලද අතර, එහිදි මෙම වර්ෂය තුල සිදු කිරීමට නියමිත සුභ සාධන කටයුතු පිලිබඳව සාමාජිකාවන් දැනුවත් කිරීම සිදු කරන ලදී.

මෙදින මාර්තු මස 08 වෙනි දිනට යෙදුන ලෝක කාන්තා දිනයට සමගාමීව පැමිණ සිටින සියළු සාමාජිකාවන් හට ආරාධිත දේශකයෙකු වන මූලස්ථාන ප්‍රජා පොලිස් කොට්ඨාශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක මනෝජ් සමරසේකර මහතා විසින් ''සෙබල බිරිඳක් ලෙස අභිමානවත්ව පවුල් ජීවිතය කළමනාකරණය කොට පවත්වාගෙන යෑම" යන මැයෙන් වටිනා දේශනයක්ද සිදුකරන ලදී.

මෙම වැඩසටහන අතරතුර රෙජිමේන්තු මධ්‍යස්ථානය යටතේ රාජකාරියේ නියුතු සිවිල් සේවක මහතුන් දෙදෙනෙකු වෙත වෛද්‍යාධාර මුදල් සහ මුල්‍යාධාරයක් ලබාදීමට කටයුතු සිදු කරන ලදී. තවද මෙම වැඩසටහන් මාලාව සඳහා සේවාවනිතා ශාඛාවේ හිටපු සභාපතිනියන්ද සහභාගීවීම විශේෂත්වයකි.