10th March 2025 10:11:52 Hours
ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පැරණිතම රෙජිමේන්තුව වන පාබල හමුදා රෙජිමේන්තුවේ 30 වන මධ්‍යස්ථාන සේනාවිධායක ලෙස බ්‍රිගේඩියර් ඩබ්ලිව්කේඑස්පීඑම්ආර්ඒබී දොඩම්වල පීඑස්සී ජ්‍යේෂ්ඨ නිලධාරී 2025.03.03 වන දින සුබ මොහොතින් සිය ධූරයේ රාජකාරී භාරගන්නා ලදී.
මහනුවර ශ්‍රී ධීරානන්ද මධ්‍ය මහා විද්‍යාලය හා මහනුවර ධර්මරාජ යන විද්‍යාලවල ආදි ශිෂ්‍යයෙකු වූ මෙතුමන් පාසල් අධ්‍යාපනයෙන් පසු එවකට රට තුළ පැවති කුරිරු ත්‍රස්ථවාදය තුරන් කිරිමේ පරම අභිලාශයෙන් යුතුව වර්ෂ 1994 මැයි මස 05 වන දින කෙඩෙට් නිලධාරියෙකු ලෙසින් ශ්‍රී ලංකා යුද හමුදාවට එක්විය. පාකිස්ථාන යුද්ධ හමුදා විද්‍යාපීඨයෙන් පාඨමාලා අංක 07 යටතේ හා දියතලාව යුද්ධ හමුදා විද්‍යාපිඨයෙන් මූලික යුද පුහුණුව සාර්ථකව නිමා කර 1994 ඔක්තෝබර් මස 13 වන දින දෙවන ලුතිනන්වරයෙකු ලෙස ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ 1 වන බළඇණිය වෙත ඛණ්ඩභාර නිලධාරියෙකූ ලෙස එක්වන ලදී. එම බළඇණියේ විවිධ තනතුරු හොබවා, අණදෙන නිලධාරියෙකු ලෙසින් 10 වන සහ 25 වන ශ්‍රීලපාහ බළඇණි මෙහෙයවීමේ භාග්‍යද උදාකරගන්නා ලදී.
ජ්‍යේෂ්ඨ අණදෙන්නෙකු, මාණ්ඩලික නිලධාරිවරයෙකු හා උපදේශකයෙකු වශයෙන් තම වෘත්තීමය කුසලතාවයන් ඉතා මැනවින් ප්‍රදර්ශණනය කර ඇති මෙම ජ්‍යේෂ්ඨ නිලධාරී හොබවන ලද තනතුරු අතර, විධායක අධිකාරී - පුහුණු අංශය (ඒකාබද්ධ සේවා භාෂා පුහුණු පාසල), බලසේනා මේජර් - 521 පාබල බසේමූ, ප්‍රමානි 2- රෙම ශ්‍රීලපාහ, විධායක අධිකාරී - රෙම ශ්‍රීලපාහ, නිරීකෂණ නිලධාරී - එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරී (හයිටි රාජ්‍ය), ප්‍රමානි 1 - රෙම ශ්‍රීලපාහ, ප්‍රමානි 1 (මෙහෙයුම්) - 11 පාබල සේමූ, කර්නල් (සම්බන්ධීකරණ) - ආසේමු (ව), කර්නල් (ප්‍රමානි) - ආසේමු (නැ), කර්නල් (සැලසුම්) - සැලසුම් අධ්‍යකෂ මණ්ඩලය හා 522 පාබල බසේමූ හි බලසේනාධිපති වැනි වගකිම් සහිත තනතුරු රාශියක් හොබවා අත්දැකීමෙන් සහ දැනුමෙන් පරිපූර්ණවූ ජ්‍යේෂ්ඨ නිලධාරියෙකි. තවද, යුද්ධ හමුදා ඔරුපැදීම් ක්‍රීඩා සංචිතයෙහි උප සභාපති වශයෙන් වර්තමානයේ කටයුතු කරමින් එම ක්‍රීඩාවේ උන්නතිය උදෙසා සුවිශාල කාර්යභාරයක් සිදුකරනු ලබයි.
සිය වෘත්තිමය නිම් වලලු පුලුල් කර ගැනීම උදෙසා දේශීය සහ විදේශීය පාඨමාලා, රැසක් හදාරා අත්දැකීමෙන් පරිපූර්ණවූ ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු වන මෙතුමන්, ඒකක ගිණුම්කරණ පාඨමාලාව, කාලතුවක්කු නිරීක‍්ෂණ පාඨමාලාව, ඒකක සංඥා නිලධාරී පාඨමාලාව, අණ හා මාණ්ඩලික නිලධාරී පාඨමාලාව හා සාමසාධක නිරීකෂණ නිලධාරී පාඨමාලාව දේශීය වශයෙන්ද, විදේශීය පාඨමාලා වශයෙන් තරුණ නිලධාරී පාඨමලාව - ඉන්දියාව, කනිෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලාව - පාකිස්ථානය, ප්‍රථිත්‍රස්ත යුද උපක්‍රම කැලෑබඳ සටන් පුහුණු පාඨමාලාව- ඉන්දියාව, කනිෂ්ඨ අණදෙන්නන්ගේ මාණ්ඩලික නිලධාරී පාඨමාලාව - පාකිස්ථානය, ජ්‍යේෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලාව - ඉන්දියාව ආදිය විශේෂයෙන් දැක්විය හැකිය.
එමෙන්ම, 1994 වර්ෂයේ සිට වන්නි මානුෂිය මෙහෙයුම දක්වා යුධ හමුදාව දියත් කරන ලද සියලුම ක්‍රියාන්විත සඳහා තම සක්‍රීය දායකත්වය ලබාදී ඇති මෙම ජ්‍යේෂ්ඨ නිලධාරී රුදුරු ත්‍රස්ථවාදින්ට එරෙහිව දියත් කරන ලද ක්‍රියාවිතයන්හි ප්‍රදර්ශනය කරන ලද වික්‍රමාන්විත රණකාමිත්වය ඇගයිම වස් පදක්කම් 13 කින් පිදුම් ලබා ඇත.
ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ 30 වන මධ්‍යස්ථාන සේනාවිධායක ධූරය භාරගැනීම පිණිස රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත සපැමිණි බ්‍රිගේඩියර් ඩබ්ලිව්කේඑස්පීඑම්ආර්ඒබී දොඩම්වල පීඑස්සී ජ්‍යේෂ්ඨ නිලධාරී වෙත අභිමානවත් කඳවුරු මුරයක් සහ සම්මාන පෙලපාලියක් ලබාදෙන ලදී. අනතුරුව ආගමික වතාවත් මධ්‍යයේ රාජකාරී භාරගැනීම සංකේතවත් කරමින් නිල ලේඛණයට අත්සන් තැබූ නව මධ්‍යස්ථාන සේනාවිධායක පැමිණ සිටි සියලු නිලධාරීන් සහ ජ්‍යේකොනොනින් සමඟ සමූහ ඡායාරූපයකට පෙනී සිටින ලදී. ඉන්පසුව මියගිය රණවිරුවන් සිහිකිරීම වස් රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර පුද කිරීමෙන් පසු භටපිරිස් අමතා හරවත් දේශනයක් සිදුකරන ලදී.
නව මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඩබ්ලිව්කේඑස්පීඑම්ආර්ඒබී දොඩම්වල පීඑස්සී ජ්‍යේෂ්ඨ නිලධාරී වෙත ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති ඇතුළු සියලුම නිලයින්ගේ සුභාශිංසන මෙසේ එක්කරන්නෙමු.