Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

20th February 2025 15:11:44 Hours

7 වන බලඇණිය ශ්‍රි ලංකා පාබල හමුදාවේ රාජකාරි කරන කොමිශන් නොලත් නිලධාරින් සදහා සංවිධානය කල විනෝද චාරිකාව

7 වන බලඇණිය ශ්‍රි ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරි මේජර් යුඩිඑස්ආර් උස්හෙට්ටි පිඑස්සි ශ්‍රිලපාහ ගේ මගපෙන්වීම යටතේ බලඇණිය තුල රාජකාරි කරන කොමිශන් නොලත් නිලධාරින් සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින් සදහා 2025 පෙබරවාරි 15 වන දින යාපනය ප්‍රදේශයේ විනෝද චාරිකාවක් සංවිධානය කරන ලදි.

මෙම විනෝද චාරිකාව සදහා නාගදීප විහාරය, දඹකොළපටුන විහාරය, කීරමලෙයි පොකුණ, කන්කසන්තූර් වෙරල තීරය, නල්ලූර් කෝවිල සහ සන්ගුපිඩ්ඩි පාලම යන ස්ථාන වලින් සමන්විත විය. චාරිකාව අවසානයේ ඔවුන් වෙනුවෙන් සුහද හමුවක් සහ රාත්‍රි භෝජන සංග්‍රහයක් සංවිධානය කරන ලදි.