Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

20th February 2025 14:58:19 Hours

7 වන බලඇණිය ශ්‍රි ලංකා පාබල හමුදාවේ රාජකාරි කරන සිවිල් සේවක කාර්යය මණ්ඩලය සදහා සංවිධානය කල විනෝද චාරිකාව

7 වන බලඇණිය ශ්‍රි ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරි මේජර් යුඩිඑස්ආර් උස්හෙට්ටි පිඑස්සි ශ්‍රිලපාහ ගේ මගපෙන්වීම යටතේ බලඇණිය තුල රාජකාරි කරන සිවිල් සේවක කාර්යය මණ්ඩලය සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින් සදහා 2025 ජනවාරි 26 වන දින යාපනය ප්‍රදේශයේ විනෝද චාරිකාවක් සංවිධානය කරන ලදි.

මෙම විනෝද චාරිකාව සදහා නාගදීප විහාරය, දඹකොළපටුන විහාරය, පේදුරුතුඩුව, නල්ලූර් කෝවිල, කන්කසන්තූර් වෙරල තීරය, සන්ගුපිඩ්ඩි පාලම සහ RIO අයිස් ක්‍රීම් හි ප්‍රනිත සංග්‍රහයකින්ද සමන්විත විය. චාරිකාව අවසානයේ ඔවුන් වෙනුවෙන් අණදෙන නිලධාරිගේ ප්‍රධානත්වයෙන් සුහද හමුවක් සහ රාත්‍රි භෝජන සංග්‍රහයක් සංවිධානය කරන ලදි.