Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

14th February 2025 21:44:46 Hours

‌හෙට දින ලොව දිනන දැයේ දූ පුතුන් වෙත සේවා වනිතා අධ්‍යාපනික අත්වැල

ආඥාපති ආසේමූ (යාපනය) හා වත්මන් පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් වයිඒබීඑම් යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ජ්‍යේෂ්ඨ නිලධාරීගේ හා සේවාවනිතා ශාඛාවේ ගරු සභාපතිනි දර්ශණි යහම්පත් මැතිනියගේ උදාරතර සංකල්පයක් මත 2025.02.13 වන දින මීගොඩ නඩුහේන ප්‍රදේශයේ පිහිටි මහාබෝධි බාලිකා ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ ළමුන් වෙත පාසල් උපකරණ හා ඔවුන්ගේ පරිහණය සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ පරිත්‍යාග කිරීමේ සත්කාරක වැඩසටහනක් සාර්ථකව සිදුකරන ලදී.

හෙට දින ලොව දිනන දැයේ අනාගත දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා සමාජ සත්කාරක වැඩසටහන් මාලාවේ තවත් එක් අවස්ථාවක් ලෙසින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී. මෙම වැඩසටහනට සමගාමීව නේවාසිකව සිටින දරුවන්ගේ විනෝදාස්වාදය උදෙසා රෙම ශ්‍රීලපාහ කැලිප්සෝ සංගීත කණ්ඩායම විසින් සංගීතමය වැඩසටහනක් ද ඉදිරිපත් කළ අතර, දරුවන් වෙත රාත්‍රී ආහාරයද ලබාදීමට කටයුතු කරන ලදී.

මෙම අවස්ථාව සඳහා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිතුමිය ඇතුළු ජ්‍යේෂ්ඨ සාමාජිකාවන් හා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මාණ්ඩලික නිලධාරීන් හා සෙසුනිලයින් පිරිසක් සහභාගී වූහ.