Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

03rd February 2025 12:41:32 Hours

පාබල හමුදා රෙජිමේන්තු අධිපතිගේ ශ්‍රීලපාහ බළඇණි සංචාරයන්

ශ්‍රී ලංකා පාබල හමුදාවේ 18 වන රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් වයිඒබීඑම් යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ජ්‍යේෂ්ඨ නිලධාරී රෙජිමේන්තු අධිපති ධූරයේ රාජකාරී භාරගැනීමෙන් පසුව සාම්ප්‍රදායානුකූලව සිදුකරනු ලබන බළඇණි සංචාර සනිටුහන් කරමින් 2025 ජනවාරි මස 20, 21 සහ 23 වන දිනයන්හිදී 4, 11, 15 ශ්‍රීලපාහ, 9 (සෙව්) ශ්‍රීලපාහ සහ 7 ශ්‍රීලපාහ යන බළඇණියන්හි නිරීක්ෂණ සංචාරයක් සිදුකරණ ලදී.

මෙම සංචාරයේදී බළඇණිවල අණදෙන නිලධාරීන් විසින් තම බළඇණිය වෙත සපැමිණි රෙජිමේන්තු අධිපති ඉතා ගෞරවයෙන් යුතුව පිළිගත් අතර, 4 ශ්‍රීලපාහ බළඇණි සංචාරයේදී එම බළඇණිය තුළ නවතමයෙන් ඉදිකරන ලද කායවර්ධන පුහුණු මධ්‍යස්ථානය හා කරණවෑමිහල මෙන්ම 15 ශ්‍රීලපාහ බළඇණි සංචාරයේදී එම බළඇණිය තුළ නවතමයෙන් ඉදිකරන ලද එළිමහන් සිනමා තිරය හා මූලස්ථාන කාර්යාල සංකීර්ණය රෙජිමේන්තු අධිපති විසින් අභිනවයෙන් විවෘත කරන ලදී.

තවද එමෙන්ම සංචාරයේදී සියලුම භටපිරිස් ඇමතූ රෙජිමේන්තු අධිපති, රාජකාරී සුරක්ෂිතභාවය ආරක්ෂා කරගැනීම හා එහි වැදගත්කම මනාව අවබෝධ කරදෙමින් සෙබළෙකුගේ රාජකාරිය විහිදී ඇති වපසරිය සහ ක්‍රියා කලයුතු ආකාරය, පුද්ගල ආරක්ෂාවේ නීතීය නිවැරදිව භාවිතා කළයුතු ආකාරය, මත්ද්‍රව්‍ය භාවිතයේ අනිසි විපාක තුළින් තම පවුලට සහ රැකියාවට එල්ලවන තර්ජන සහ බලපෑම් පිළිබඳව කරුණු පහදා දුන් අතර, විනයගරුක සෙබළෙකු වශයෙන් තමන්ගේ මාසික වේතනය නිවැරදිව කළමනාකරණය කර ගන්නා ආකාරය, දෙමාපියන්ට සැලකීමේ ඇති වැඳගත්කම හා එහි ආදීනව ද ඉතා මැනැවින් පහදා දෙන ලදී.

යුද හමුදාවේ ගෞරවයට හා කිර්තිනාමයට හානිවන කිසිදු ක්‍රියාවක් කුමන අයුරකින්වත් සිදුනොකිරීම මෙන්ම යුද්ධ හමුදාවේ වෘත්තීය නිපුණත්වයෙන් හෙබි සෙබළෙකුවීමේ වටිනාකම අවබෝධකර දී, බළඇණියේ සියලු නිලධාරීන්ට හා සෙසුනිලයින් හට ඔවුන්ගේ ඉදිරි අනාගතයට සුබ පැතුම් එක් කරන ලදී.‍

අණදෙන නිලධාරීන්හට සෙබළුන්ගේ සුබසාධනය තවදුරටත් පුළුල් කිරීම සඳහා අවශ්‍ය උපදෙස් සහ මඟපෙන්වීම් ලබාදීමෙන් පසුව බළඇණි සමරු සටහන් පොත්හි තම සංචාරය පිළිබඳව සටහනක් තැබූ රෙජිමේන්තු අධිපති සිය බළඇණි සංචාරය නිමාකළ අතර, මෙම සංචාරය සඳහා රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක ද සහභාගී විය.